[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කණ්ඩායම් දෙකටම මෙම තරගය අතිශය වැදගත් වූයේ තරගාවලිය ජයග්‍රහණය වෙනුවෙන් මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වූ නිසාවෙනි.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා යෞවනයන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පුලිදු පෙරේරා පන්දු 140ක් තුළ හතරේ පහර 17ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 155ක් රැස්කළේය.
මෙම ලකුණු සංඛ්‍යාව යොවුන් එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවයි. ඊට අමතරව විහාස් තෙව්මික නොදැවී ලකුණු 28ක්ද, රවිෂාන් නෙත්සර ලකුණු 27ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේ දී කොදෙව් පිළ වෙනුවෙන් නේතන් එඩ්වඩ් කඩුලු 3ක් බිදහෙලන්නට සමත් විය. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන කොදෙව් ඉනීම ලකුණු 253කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නට හැකිවිය.
කොදෙව් ඉනීම ශක්තිමත් කළ ජුවෙල් ඇන්ඩෘ පන්දු 64කදි හතරේ පහර 8ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 80ක් රැස්කරද්දී ආරම්භක පිතිකරු ඒඩ්‍රියන් වෙයාර් ලකුණු 52ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ලහිරු ලකුණු 48කදී කඩුලු 3ක් බිදහෙලූ අතර ගරුක සංකේත්, සිනෙත් ජයවර්ධන හා විහස් තෙව්මික කඩුලු 2 බැගින් බිදහෙලීය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
SRI LANKA UNDER-19S : 304/8(50 Overs)
Pulindu Perera 155 (140), Vihas Thewmika 28* (30)
Nathan Edward 3/66 (9), Tarrique Edward 2/41 (10)
WEST INDIES UNDER-19S : 253/10(40.3 Overs)
Jewel Andrew 80 (64), Adrian Weir 52 (41)
Vishwa Lahiru 3/48 (8.3), Garuka Sanketh 2/44 (9)[/vc_column_text][/vc_column][/vc_row]