කොදෙව්වන් පරාජයකින් තරගාවලිය අරඹයි !

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි. බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරඟය පළමු වටයේ බී කාණ්ඩය යටතේ පැවැත්වුණා.ඒ හෝබාට් හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 160 ක් රැස් කළා. ජෝර්ජ් මුනෙස් ලකුණු 66 යි. පන්දු යැවීමේදී යැවීමේදී ජේසන් හෝල්ඩර් සහ ඇල්සර්‍ර් ජෝසප් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගය ජය ගැනීම සඳහා කොදෙව් කණ්ඩායට හිමි වූ ඉලක්කය ලකුණු 161 ක්. කොදෙව් ඉනිම ආරම්භ කළේ කයිල් මේයර්ස් සහ එවින් ලෙවිස්. මේයර්ස් ලකුණු 20 ක් රැස් කළ අතර ලෙවිස් ලකුණු 14 යි. කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 5 දැවී ගියේ ලකුණු 69 කට. ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 49 තුළ දවා ගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා. කොදෙව් කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු 3 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කලේ ලකුණු 118 ක් පමණයි.

ඒ අනුව ස්කොට්ලන්තය තරගය ජය ගත්තේ ලකුණු 42 කොදෙව් කණ්ඩායම මීට පෙර දෙවරක් 20/20 ලෝක ක්‍රිකට් කිරුළ දිනාගෙන තිබෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top