කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය

[vc_row][vc_column][vc_column_text]තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් ගණන 15 ක්. එහි නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නට.

අවසන් වරට පැවැති පාකිස්ථාන තරග සංචාරයට ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මෙම තරගාවලිය සදහා සහභාගී වීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ ඔහුගේ ආබාධ තත්වය තවමත් සුව නොවීම හේතුවෙන්. ධනුෂ්ක ගුණතිලකට අමතරව පාකිස්ථාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ලහිරු තිරිමාන්නටද කණ්ඩායමේ ස්ථානය අහිමි වූ තිබේ. මෙවර තරගාවලිය සදහා පාකිස්ථානයේ සංචාරය නොකල ක්‍රීඩකයින් ඇතුලත්ව සිටීම හේතුවෙන් එම සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයින් 7 දෙනෙකුගේ ස්ථාන අහිමිව තිබෙනවා. එම ක්‍රීඩකයින් වන්නේ ලහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, ඔෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, මිනෝද භානුක, ඇන්ජලෝ පෙරේරා සහ කසුන් රජිත. තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ.

දිමුත් කරුණාරත්න – නායක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top