කොදෙව් කාන්තා තරගාවලියට දින නියම වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිතය. තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන ජූනි මස 15 වනදා ආරම්භ වන අතර විස්සයි විස්ස තරගාවලිය ජුනි මස 24 වනදා ආරම්භ වීමට නියමිතය.

තරගාවලි කාලසටහන
එක්දින තරගාවලිය
පළමු තරගය – ජුනි 15
දෙවන තරගය – ජුනි 18
තෙවන තරගය – ජුනි 21

විස්සයි විස්ස තරගාවලිය
පළමු තරගය – ජුනි 24
දෙවන තරගය – ජුනි 26
තෙවන තරගය – ජුනි 28

Back To Top