කොදෙව් දැවන්තයා දඟ පන්දුවෙන් ඇෆ්ගනිස්ථනය අසරණ කරවයි!

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් – ඇෆ්ගනිස්ථානය අතර පැවත්වෙන එකම සහ ප්‍රථම ටෙස්ට් තරඟය අද දින ලක්නව්හිදී ආරම්භ වුනේය.

තරඟයේ ප්‍රථම දිනය නිමාවන විට ඇෆ්ගනිස්ථාන ප්‍රථම ඉනිමට පිලිතුරු ලෙස සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල කඩුලු 8ක් ඇතැතිවලකුණු 119ක් පසුපසින් සිටියේය.

තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය 3-0ක් ලෙස කොදෙව් කණ්ඩායමද තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙසඇෆ්ගනිස්ථාන කණ්ඩායමද ජයග්‍රහණය කල අතර මෙතෙක් තරඟාවලිය තුල කණ්ඩායම් දෙකම කරට කර දස්කම් දැක්වීම්ව්ට සමත් විය.

එවැනි පසුබිමක අද දින ටෙස්ට් පිටියට කෝඩුකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමද කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟයේ කාසියේ වාසියජයග්‍රහණය කර කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථාන පිලට ආරාධනා කලේය.

ආරාධනය පිලිගෙන පිතිකරණයේ නියලුනු ඇෆ්ගනිස්ථාන මුල් පෙල පිතිකරුවන් උදෑසන කාලය තුල යම් කිසි ස්ථාවරත්වයක් පෙන්නුම් කලදදෙවන කඩුල්ල ලෙස මුලු ලකුණු ප්‍රමාණය ලකුණු 84දී ජාවෙඩ් අහමඩ් ලකුණු 39කට සිය ඉනිම අවසන් කරනවාත් සමඟම කොදෙව්කණ්ඩායමේ බිඳ වැටීම ආර්ම්භ වූ අතර සිය දෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන කොදෙව් ක්‍රීඩක රහ්කීම් කොන්වෙල් ගේ විශිෂ්ට පන්දුයැවීම හමුවේ ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් අසරණ වෙන්නට විය.

දිවා ආහාරයෙන් පසු ක්‍රියාත්මක වූ කොන්වෙල් ඇෆ්ගනිස්ථාන මැදපෙල වනසා දැමූ අතර 84/2ක් ලෙස තිබූ ලකුණු සටහන 111/7ක් ලෙසඉතා අසීරු අඩියකට ඇද දැම්මේය.

ඉන් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලබා දුන් අෆ්සර් සසායි සහ අසීම් හම්සා ලකුණු 56ක සබඳතාවයක් ගොඩ නගායම් කිසි සහනයක් ලබා දුන්නේය.

තේ පානයට මඳකට පසු ඇෆ්ගන් ඉනිමේ නිමාව සනිටුවහන් කල කොන්වෙල් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන් ඉනිම ලකුණු 187කට සීමාකලේය.

එසේ ටෙස්ට් තරඟයේ ප්‍රථම දිනයේ සියලු ගෞරව කොදෙවෙව්න් විසින් හිමිකරගනිද්දී සිය දෙවන තරඟයේදීම සියල්ලන්ගේ අවධානයදිනාගත් කොන්වෙල් කඩුලු 7ක් දවාගත්තේ ලකුණු 75ක් ලබා දීමෙනි.

මීට අමතරව ජේසන් හෝල්ඩර් කඩුලු දෙකක්ද ජොමෙල් වැරිකන් එක් කඩුල්ලක්ද දවාගත්තේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 68ක් රැස් කරමින් සිටියේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top