කොදෙව් ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පළ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. තරඟයේ තීරණයට වර්ෂාව හරස් වීම හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 432 ක් රැස් කළා. එහිදීයි නොදැවුණු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ දිනුර කළුපහන හොඳ 229 කදී හතරේ පහර 16ක් හා හයේ පහර දෙකක් සමගින් ලකුණු 150 ක් රැස් කළා. හරඹ පිතිකරු පුලිදු පෙරේරා හා මල්ෂ තිරුපති වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 71 හා 65ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කරන්නට සමත් වුණා. පන්දු යැවීමේදී කොදෙව් පිළ වෙනුවෙන් ටැරික් එඩ්වර්ඩ් කඩුලු 3ක් ද නේතන් හා ත්‍රෝන් කඩුලු 2 බැගින්ද දවාගත්තා.

සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසෙන කොදෙව් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු තුනක් ලකුණු 50 ක් තුල දැවී ගියා. ඉන් අනතුරුව කොදෙව් ඉනීම ලකුණු 300 සීමාවට ඔසවා තබන්නට ජෝඩ්න් ජොන්සන් හා ස්ටීව් වැඩර්බර්න් ශතක සම්බන්ධතාවක් ගොඩ නැගුවා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට පළමු ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු තුන්සිය නමයක් පමණි. වැඩිම ලකුණුලාභියා වූ ජෝඩ්න් ජොන්සන් ලකුණු 149ක් රැස්කළේ හතර පහර 11ක් හා හයේ පහර දෙකක් සමගින්. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ විහාස් තෙව්මික ලකුණු 78 ට කඩුලු 6ක් දවා ගන්නට සමත් වුණා. හුටා තනා සහයක් ලබා දුන් විශ්ව ලහිරු ලකුණු 61ට කඩුලු 3යි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වද්දී සිය දෙවැනි ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් සිවුවන දිනය අවසාන වන විට කඩුලු 4ක් දැවී ලකුණු 122 රැස් කොට සිටියා. එහිදී රවිෂාන් නෙත්සර ලකුණු 50ක් රැස්කළා. ඒ අනුව තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා.

ශ්‍රී ලංකා පළමු ඉනීම – 432/8d
දිනුර කලුපහන 150*, පුලිදු පෙරේරා 71, මල්ෂ තිරුපති 65, විහස් තෙව්මික, සිනෙත් ජයවර්ධන 34
ටාරික් එඩ්වර්ඩ් 3/99, ඉසායි ත්‍රෝන් 2/58

කොදෙව් පළමු ඉනීම – 309/10
ජෝඩ්න් ජොන්සන් 149, ස්ටීව් වැඩර්බර්න් 41
විහාස් තෙව්මික 6/78, විශ්ව ලහිරු 3/61

ශ්‍රී ලංකා දෙවන ඉනීම – 122/4
රවිෂාන් නෙත්සර 50[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top