කොවිඩ් අවධානම හේතුවෙන් IPL තරගාවලිය කල් දැමෙයි.

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත. එරට ක්‍රිකට් පාලක මණ්ඩල උපසභාපති රජීව් ශුක්ලා මේ බව ඉන්දීය මාධ්‍ය හමුවේ තහවුරු කොට ඇත.

දාහතරවන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙලෙස නවතා කල් දැමීමට සිදුවූයේ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත ක්‍රීඩකයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමගය. දිල්ලි කැපිටල්ස් ක්‍රීඩක අමිත් මිශ්‍රා හා සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩක ව්‍රිදිමන් සහා මෙලෙසින් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු විය.

කොල්කටා නයිට්රයිඩර්ස් ක්‍රීඩකයන් වූ වරුන් චක්‍රවර්තී හා සන්දීප් වොරියර් යන ක්‍රීඩකයන් දෙදෙනාද මින් පෙර කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් කොල්කටා හා බැංගලෝරය අතර තරගයද අවලංගු කොට දැමීමට සිදුවිය.

තරගාවලිය කල් දැමීම හේතුවෙන් සියලුම ක්‍රීඩකයන්ට සිය රටවල් කරා යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කොට ඇත.

Cree-Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top