නූතන ක්රිකට් වංශකතාවේ විශිෂ්ඨම පිතිකරුවා තමන් බව නැවත නැවතත් පසක් කරමින් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි 2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී දකුණු අප්රිකාවට එරෙහිව ලබා ගත් ශතකයත් සමඟින් වැඩිම එක්දින ශතක ලාභීන්ගේ වාර්තාව සම කිරීමට සමත් විය. ඔහු මෙසේ සම කරනු ලැබුවේ හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ නාමය ඉදිරියේ සටහන්ව තිබූ වාර්තාවයි.
ඉකුත් නොවැම්බර් මස දෙවනදා ශ්රී ලංකාවට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 88ක් ලබා සිටි කෝලි ශතකය පෙනෙන මානයේ දී අවාසනාවන්ත ලෙස දැවී යාමට ලක් වූයේය. එම ලකුණු 12 සම්පූර්ණ කර ගත්තේ නම් මේ වන විට ඔහු සචින්ව අභිබවා ගොස් අවසන් ය.
කෙසේ නමුත් Geo News සමඟ සාකච්ඡාවක දී හිටපු පාකිස්තානු වේග පන්දු යවන ක්රීඩක මොහොමඩ් අමීර්, විරාට් කෝලිව වෙනත් විශිෂ්ඨ පිතිකරුවන් සමඟ සසඳන්නන් හට පිළිතුරු ලබා දී තිබුණි. එහිදී ඔහු කියා සිටියේ කෝලි නේපාලය, නෙදර්ලන්තය, සිම්බාම්බ්වේ සහ බංගලාදේශය වැනි රටවල් වලට එරෙහිව තරගාවලි සඳහා ක්රීඩා කළේ නම් ඔහු මේ වන විටත් සචින්ගේ වාර්තාව පසුකර ගොස් බොහෝ කල් වන බවයි.