ගමනක ඇරඹුම – 1979 අයි සී සි කුසලාන ජයග්‍රහණය !

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය මතකය 1996 ලෝක කුසලානය දිනා දිනා ගැනීම වුවද ටෙස්ට් වරම් ලැබීමට ප්‍රථම 1979 දී ශ්‍රී ලංකාව එංගලන්තයේදී ICC Trophy කුසලානය දිනා ගනිමින් 1979 ලෝක කුසලානයට ටෙස්ට් වරම් නොලද රටක් ලෙස සහභාගි වීමට සමත් විය.

1979 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ස්වර්ණමය මතකයක් බවට පත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් ලද ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්විය.

1979 වසරේ එංගලන්තයේ පැවති ICC Trophy තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වූයේ අනුර තෙන්නකෝන් මහතාගේ නායකත්වයෙනි. ඔහු සමගින් රෝයි ඩයස් මහතා , දුලිප් මෙන්ඩිස් මහතා, බන්දුල වර්ණපුර මහතා , සුදත් පැස්කුවෙල් මහතා ,සෝමචන්ද්‍ර ද සිල්වා මහතා වැනී ප්‍රවීණ ක්‍රිඩකයන් රැසක් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදි.

තරගාවලියට කණ්ඩායම් 15ක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාව C කාණ්ඩයෙන් ඊශ්‍රායලය , ඇමරිකා එක්සත් ජනපදය , වේල්සය හා නෙදර්ලන්තය සමගින් තරග වැදුණු අතර ඊශ්‍රායලය හා පැවති තරගය දේශපාලනයමය හේතුන් මත ක්‍රීඩා නොකර සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපද හා නෙදර්ලන්ත කණ්ඩායම් පරාජයට පත් කිරීමට මූලික වටයේදී සමත් විය.වේල්සය සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. ඒ අනුව C කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා A කාණ්ඩයේ ප්‍රථම ස්ථාන දිනා ගත් බර්මියුඩාව , B කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත් ඩෙන්මාර්කය හා C කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාව සමගින් B කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා දෙවන ස්ථානය දිනා ගත් කැනඩාව සහභාගී වූයේ අනිකුත් කණ්ඩායම් අතර මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලැබූ කණ්ඩායම කැනඩා කණ්ඩායම වීම හේතුවෙනි.

තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා ඩෙන්මාර්කය අතර ජූනි මස 6 වනදා පැවති අතර දෙවන අවසන් පූර්ව තරගය කැනඩාව හා බර්මියුඩාව අතර පැවැතුණි. අවසන් පූර්ව තරග දෙක ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව හා කැනඩාව ජූනි මස 9 වනදා ආරම්භ වන ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අතර මෙම තරගාවලියට අදාළව අවසන් මහා තරගය ජූනි මස 21 වනදා පැවැත්වුණි.

ඩෙන්මාර්කය ළකුණු 208 කින් පරදවමින් පළමු අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී කැනඩා කණ්ඩායම ළකුණු 60කින් පරාජයට පත්කිරීමට සමත්විය.

මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ දුලිප් මෙන්ඩිස් මහතා සමත්වූයේ ඉනිම් හතරකදී සාමාන්‍ය 55.25ක් සමගින් ලකුණු 221ක් ලබා ගනිමිනි. ඔහුට දෙවැනි වෙමින් රෝයි ඩයස් මහතා තරඟ හතරක් තුළ එක් නොදැවී ක්‍රීඩා කළ ඉනිමක් සමගින් සාමාන්‍ය 71.33ක් වාර්තා කොට ළකුණු 214ක් ලබා ගැනීමට සමත්විය.

අවසන් තරගයේ ළකුණු පුවරුව

ශ්‍රී ලංකාව ළකුණු 324 – 8 (60) දුලිප් මෙන්ඩිස් 66

කැනඩාව 264 – 5 (60) ජෝන් වෝ 80* සෝමචන්ද්‍ර ද සිල්වා 1 – 42

චානක මධුසාගර[/vc_column_text][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

Back To Top