[vc_row][vc_column][vc_column_text]අශාන් ප්රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු ග්රීන්ස් පිලට අවසන් මහ තරග බලාපොරොත්තුව සඳහා තිබුණු අවසන් අවස්ථාවද වර්ෂාව හේතුවෙන් අද (21 දා) අහිමිව ගියේය. බ්ලූස් පිලට එරෙහිව පැවැති තරගය පන්දුවාර 7 කට සීමාවීම හේතුවෙන් දෙපිළටම ප්රසාද ලකුණ බැගින් සමව බෙදී ගියහ. මෙම තරගයේ ප්රතිඵල රහිතවීම මත තරග 4 න් 4 ම ජය ගෙන සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්රේස් කණ්ඩායමට කිසිදු අපහසුවකින් තොරව අවසන් මහ තරග වරම උදාවී තිබේ.
ඒ අනුව ලබන 24 වැනිදා ග්රේස් පිල සමඟ තරග වදින්නේ කවුරුන්ද යන්න තීරණය වනු ලබන්නේ බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් ඉදිරි තරග වලදී වාර්තා කරගනු ලබන ජයග්රහණ වලට අනුවය.
කාසියේ වාසියත් සමඟ පන්දු යැවීමට ග්රීන්ස් නායක අශාන් ප්රියන්ජන්ගේ තීරණය විය. ඒ අනුව ඉනිම ඇරැඹි සධීර සමරවික්රම සහ ධනංජය ලක්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එක් කළහ. වර්ෂාව හේතුවෙන් තරගය නිමා කිරීමට පෙර යවන ලද අවසන් පන්දුවේදී ධනංජය ලක්ෂාන් ලකුණු 31 කට දැවී ගියේය. පන්දු 28 කට මුහුණ දුන් ධනංජය සිය ඉනිම හතරේ පහර 6 කින් වර්ණවරත් කරද්දී සධීර පන්දු 14 කට මුහුණ දෙමින් ලකුණු 12 ක් ලබා සිටියේය. ධනංජයගේ කඩුල්ල රමේෂ් මෙන්ඩිස් විසින් දවා ගනු ලැබීය.
වර්ෂාව ඇද වැටීමත් සමඟ ක්රීඩාංගණය වැසි ආවරණවලින් වසා දැමිණ. වර්ෂාව ක්රම ක්රමයෙන් අඩුවීමත් සමඟ ක්රීඩාංගණ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු විනිසුරුවෝ ප.ව. 4.40 ට තරගය අත්හැර දැමීමට තීරණය කළහ.
බ්ලූස් පන්දුවාර 7 කදී කඩුල්ලක් දැවී ලකුණු 48 යි – (ධනංජය ලක්ෂාන් 31, සධීර සමරවික්රම 12, රමේෂ් මෙන්ඩිස් 08/1)[/vc_column_text][/vc_column][/vc_row]