[vc_row][vc_column][vc_column_text]නැගී එන ආසියානු ක්රිකට් කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති තීරණාත්මක තරගය ශ්රී ලංකාව පරාජයට පත්වීමත් සමග ශ්රී ලංකා නැගී එන කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසී වීමට සිදුවිය..
ප්රථම තරගය ඕමානය හමුවේ ලද පරාජයත් සමගින් අද තරගය ජය ගත යුතුම තත්වයක් නිර්මාණය වී පැවති අතර කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා නායක චරිත් අසලංක ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි.
ශ්රී ලංකා නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කළ ශ්රී ලංකා පන්දු යවනන් පාකිස්තානය ඉනීම ළකුණු 183කට සීමා කරන ලදි. මෙහෙදි කැපී පෙණෙන පන්දු යැවීමක නිරත්වූ අසිත ප්රනාන්දු කඩුලු 3ක් ද අමිල අපොන්සු හා කළණ පෙරේරා කඩුලු 2 බැගින්ද බිද හෙලන ලදි.. පාකිස්තානය ඉනීමේ වැඩිම ලකුණු ලාහියා බවට පත්වූ අංක 8 පිතිකරු අහමඩ් බට් ළකුණු 44ක් ලබාගත් අතර කඩුලු රකින ක්රීඩක රොහෙල් නසීර් ළකුණු 37ක් ලබා ගන්නා ලදි.
ප්රභාත් නිස්සංක, චරිත් අසලංක , හසිත බෝයගොඩ ,මිනෝද් භානුක වැනි පිතිකරුවන් සහිතව ළකුණු 184ක පහසු ඉලක්කයක් වෙත ලගාවීමට ඉනීම ආරම්භ කළ ශ්රී ලංකා කණ්ඩායම වරක පන්දුවාර 27කදී කඩුලු 4ක් දැවී ළකුණු 89ක් ලබා ජයග්රහණය ගැන බලාපොරොත්තුවකින් පසුවූහ..
නමුත් නොසිතූ ලෙස ක්රියාත්මකවූ මොහොමඩ් හස්නින් පන්දුවාර 7ක් ළකුණු 19කට සීමා කරමින් කඩුලු 6 දවා ගනු ලැබුවේ පාකිස්තානයට ළකුණු 90ක නොසිතූ ජයක් හිමිකර දෙමිනි… ශ්රී ලංකා ඉනීමේ අවසන් පන්දු 18 දැක්වුනේ W W . . 1 1 . W . 1 W 1 W W . . . W ලෙසටය. පන්දුවාර 30.4කදී ශ්රී ලංකා කණ්ඩායම ළකුණු 93කට දැවීගියේ විලිලැජ්ජා සහගත පරාජයකට නතු වෙමිනි..
පාකිස්තානය 183 (49.5) අහමඩ් බට් 44, රොහෙල් නසීර් 37 අසිත ප්රනාන්දු 3 – 28 , අමිල අපොන්සු 2 – 36
ශ්රී ලංකාව 93 ( 30.4) පැතුම් නිස්සංක 34 , හසිත බෝයගොඩ 22 මොහොමඩ් හස්නින් 7 – 19[/vc_column_text][/vc_column][/vc_row]