ගිහාන් රූපසිංහගෙන් වාර්තා ගත ශතකයක්

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මෙම සති අන්තයේ දී පැවැති තරගයක දී වාර්තා ගත ශතකයක් වාර්තා කිරීමට ගිහාන් රූපසිංහ සමත් විය.

කළුතර නාගරික ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති මෙම තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුලු 5 කින් ජයගත් අතර, ගිහාන් රූපසිංහ කලුතර කණ්ඩායම නියෝජනය කරමින් වේගවත් ශතකය වාර්තා කළේය.

කලුතර දෙවැනි ඉනිම වෙනුවෙන් වේගවත් ශතකයක් වාර්තා කළ ගිහාන් රූපසිංහ පන්දු 59 කින් ශතකය සම්පූර්ණ කළේ, මෙරට පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි වේගවත්ම ශතකය ලෙසයි.

ඔහු එහිදී හතරේ පහර 10 ක් හා හයේ පහර 9ක් සමගින් ලකුණු 132 ක් රැස්කළේ පන්දු 85 කිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කළුතර නාගරික ක්‍රීඩා සමාජය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 120 ක් රැස්කළ අතර එහිදී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ ගයාන් සිරිසෝම ලකූණු 32 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 323 ක් රැස්කළේය.

තම දැවැනි ඉනිම වෙනුවෙන් කළුතර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285 ක් රැසකළ අතර බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායම කඩුලු 5 ට ලකුණු 83 ක් රැස්කරමින් තරගය ජයගත්තේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top