15 වැනි වරට පැවති ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවලිය නොවැම්බර් 4 සිට 10 දක්වා පැවැත්විණි. තරගාවලිය වෙනුවෙන් දක්ෂ ක්රීඩක ක්රීඩිකාවන් රැසක් තරග වැදුණි.
මෙවර තරගාවලියේ පිරිමි විවෘත ඉඉසව්වේ ශූරයා බවට පත් වූයේ 10 වතාවක් ජාතික ශූරතාවය දිනූ රවිඳු ලක්සිරි ක්රීඩකයායි. ඉන්දීය ගුවන් හමුදාවේ සන්දීප් ජන්ග්රා එම ඉසව්වේ අනුශූරතාව දිනාගත් අතර ඔහුගේ බාල සොහොයුරා වන නවීන් ජන්ග්රා තෙවැන්නා බවට පත් විය.
කාන්තා විවෘත ඉසව්වේ ශූරතාවය දිනාගැනීමට ශ්රී ලංකා ජාතික ශූරිය වන චනිත්මා සිනාලි සමත් වූ අතර ෆාතුම් ඉසදීන් අනුශූරතාවය දිනාගැනීමට සමත් විය. එම ඉසව්වේ තෙවන ස්ථානය යෙහෙනි කුරුප්පු විසින් දිනාගත්තාය.
වයස අවුරුදු 9 සිට 19 දක්වා බාලක බාලිකා දෙඅංශයෙන්ම සියලුම වයස් කාණ්ඩ සඳහාත්, අවුරුදු 35 ට වැඩි හා 55 ට වැඩි මාස්ටර්ස් වයස් කාණ්ඩ සඳහාත් තරග ඉසව් පැවැත්විණි.