ගෙවුණු දිනයේ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම්

[vc_row][vc_column][vc_column_text]

ආසියානු ක්‍රීඩා තරගාවලියේ Artistic ජිම්නාස්ටික් ඉසව්වේ අවසන් මහා තරගය අද පැවැත්විණි. එම අවසන් මහා තරග වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක නදීල නෙත්විරු තරග බිමට අවතීර්ණ වූයේ ඉරිදා දිනයේ පැවති මූලික වටය සාර්ථකව අවසන් කරමින්.

එම තරගයෙන් සමස්ත ලකුණු 71.065ක් රැස්කළ නෙත්විරු එම ඉසව්වේ 17 වැනි ස්ථානයට පත් විය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී තවත් ඉසව් කිහිපයක් වෙනුවෙන් එක්විය. මීටර් 200 පසුපස ආර තරග ඉසව්ව වෙනුවෙන් ශ්‍රි ලංකා ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න අද තරග බිමට අවතීර්ණ වූ අතර ඇය මිනිත්තු 2 තත්පර 26.47ක කාලයක් වාර්තා කරමින් ඇය සහභාගි වූ අදියරේදී(Heat01හි) පස්වැනි ස්ථානයට පත් වුණා.

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක රුක්මාල් ප්‍රසන්න පිරිමි කිලෝග්‍රෑම් 51-57 ක්‍රීඩකයන් 32ගේ වටය (මූලික තරගය) වෙනුවෙන් වැදුණු නමුත් ප්‍රතිවාදී බංග්ලාදේශ ක්‍රීඩක සලීම් හොසේන් ලකුණු 3ට 2ක් ලෙස ජයග්‍රහණය ලබා ගත්තේය.

මේ Taalya Tranchell සහ Tharen Nanayakkara අද දින රුවල් ඔරු තරග වෙනුවෙන් සහභාගි විය. Tranchell කාන්තා Dinghy – ILCA4 ධාවන තරඟයේ 11 වන තරඟයෙන් 5 වන ස්ථානයට පත් වූ අතර සමස්ත තරගයෙන් 6 වන ස්ථානයට පත්විය. පිරිමි Dinghy – ILCA4 තරග ඉසව්වේ දී තරේන් නානායක්කාර 11 වැනි තරගයේ 11 වැනි ස්ථානයට පත් වද්දී සමස්ත තරගයේ 11 වැනි ස්ථානයට ඔහු පත්විය.

සුසල් ද සිල්වා අද පිරිමි චෙස් ඉසව්වෙ 5 සහ 6 වට සදහා තරඟ කළ අතර 5 වන වටයේදී වියට්නාමයේ GM Ngoc Truong Son Nguyen හමුවේ පරාජයට පත් වූ නමුත් 6 වටයේදී මොන්ගෝලියාවේ IM Gan-Erdene Sugar පරාජය කිරීමට සමත් විය

මේ අතර රග්බි 7s කණ්ඩායම නේපාලයට එරෙහිව ලකුණු 68 කට බින්දුවක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. 9-13 ස්ථාන වෙනුවෙන් ම පැවති තරගයකදී තායිලන්තය හමුවේ 10ට 7ක් ලෙස පරාජයට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top