[vc_row][vc_column][vc_column_text]නිමා වූ පකිස්ථාන තරඟ සංචාරයත් සමඟ ශ්‍රී ලංකාවට මෙම වසරේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සියලු අන්තර්ජාතික තරඟ නිමාවට පත්වූයේ 2019 වර්ශයද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් රසිකයන්ට එතරම් සතුටුදායක නොවන අයුරිනි.
ටෙස්ට් සහ එක්දින තරඟ සැලකිල්ලට ගැනීමේදී දකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණය, බංග්ලාදේශය3-0ක් ලෙස එක්දින තරඟාවලියේ ජයග්‍රහණය කිරීම සහ ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රභල එංගලන්තය පරාජය කිරීම හැරුනු කොටවෙනත් කිසිදු සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙක් හෝ පිතිකරුවෙක් වසර පුරා ස්ථාවරව දිගින් දිගටම සාර්ථක වී කණ්ඩායමට අවශ්යදායකත්වය ලබා දීමට අපොහොසත් වූ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන්ද සැලකිය යුතු දායකත්වයක් කණ්ඩායමට නොලැබීම මෙමඅසාර්ථකත්වයට හේතු විය.
2019 වසරේ ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයන්ගේ දක්ශතා සාරාංශය!
ටෙස්ට් වැඩිම ලකුණු
- දිමුත් කරුණාරත්න – ලකුණු 527 , සාමාන්‍යය 35.13
- නිරෝශන් දික්වැල්ල – ලකුණු 421 , සාමාන්‍ය 32.38
- ධනංජය ද සිල්වා – ලකුණු 403, සාමාන්‍ය 33.58
- කුසල් මෙන්ඩිස් – ලකුණු 303, සාමාන්‍ය 22.36
- ඕශධ ප්‍රනාන්දු – ලකුණු 277, සාමාන්‍ය 46.17
- කුසල් පෙරේරා – ලකුණු 277, සාමාන්‍ය 39.57
ගෙවුනු වසරේ ටෙස්ට් තරඟ වලදී ධනංජය ද සිල්වා ශතක දෙකක් රැස් කල අතර ලද අවස්ථවෙන් ප්‍රයෝජන ලබාගත් ඕශධ ප්‍රනාන්දු දශතකයක් සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් විය.
දකුණු අප්‍රිකාවේදි විශිෂ්ට ශතකයක් කුසල් පෙරේරා ලබා ගැනීමට සමත් වූවද ඒ හැරුනු විට සැලකියයුතු දස්කමක් දැක්වීමට ඔහුඅපොහොසත් විය.
2018 වසරේ විරාට් කෝලිට පමණක් දෙවනි වෙමින් ලකුණු 1023ක් ලබා ගත් කුසල් මෙන්ඩිස්ට මෙම වසරේ රැස් කලේ ලකුණු 303ක්පමණි.
එක්දින වැඩිම ලකුණු
- කුසල් පෙරේරා – ලකුණු 646 , සාමාන්‍ය 43.07
- කුසල් මෙන්ඩිස් – ලකුණු 587 , සාමාන්‍ය 32.61
- අවිශ්ක ප්‍රනාන්දු – ලකුණු 447, සාමාන්‍ය 31.93
- ඇන්ජලෝ මැතිව්ස් – ලකුණු 432, සාමාන්‍ය 48.00
- දිමුත් කරුණාරත්න – ලකුණු 396, සාමාන්‍ය 39.60
- තිසර පෙරේරා – ලකුණු 343, සාමාන්‍ය 21.24
- ධනුෂ්ක ගුණතිලක – ලකුණු 292, සාමාන්‍ය 58.4
එක්දින තරඟ සැලකිල්ලිට ගැනීමේදී නිමා වූ ලෝක කුසලාන තරඟාවලියේ යම් තාක් දුරට කැපී පෙනන දක්ශතා දැක්වීමට නායක දිමුත්කරුණාරත්න, කුසල් පෙරේර සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ අතර අවිශ්ක ප්‍රනාන්දු ද ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
නිමාවූ බංග්ලාදේශ එක්දින තරඟාවලියේ ඉහල දක්ශතා පෙන්වූ නිසාත් නිමාවූ පකිස්ථාන තරඟාවලියේ ඉහල දක්ශතා පෙන්වූ නිසාත්පිලිවෙලින් ඇන්ජලෝ මැතිව්ස් සහ ධනුෂ්ක ගුණතිලක ඉහල සාමාන්‍යයක් සහිතව මෙම වසර අවසන් කිරීමට සමත් විය.
ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා දිගින් දිගටම අසාර්ථක වීමද කැපී පෙනුනි.
ටෙස්ට් වැඩිම කඩුලු
- විශ්ව පෙරේරා – කඩුලු 18, සාමාන්‍ය 32.28
- ලසිත් ඇඹුල්දෙණිය – කඩුලු 17,සාමාන්‍ය 43.71
- සුරංග ලක්මාල් – කඩුලු 14, සාමාන්‍ය 23.29
- කසුන් රාජිත – කඩුලු 13, සාමාන්‍ය 29.31
- ලහිරු කුමාර – කඩුලු 11, සාමාන්‍ය 41.27
එක්දින වැඩිම කඩුලු
- ලසිත් මාලිංග – කඩුලු 27, සාමාන්‍ය 30.78
- නුවන් ප්‍රදීප් – කඩුලු 19, සාමාන්‍ය 32.37
- ධනංජය ද සිල්වා – කඩුලු 12, සාමාන්‍ය 39.17
- ඉසුරු උදාන – කඩුලු 12, සාමාන්‍ය 45.58
- තිසර පෙරේරා – – කඩුලු 8, සාමාන්‍ය 70.52
පන්දු යැවීමේ දක්ශතා සැලකිල්ලට ගැනීමේදී එක්දින පිටියේ ලසිත් මාලිංග සහ නුවන් ප්‍රදීප් හැරුනු කොට වෙනත් ක්‍රීඩකයන්ට ඉහලදක්ශතා දැක්වීමට ඉඩ නොලැබුනු අතර තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ධනංජය ද සිල්වා සිය වගකීමට යම් සාධාරණයක් ඉටු කිරීමටසමත් විය.
ටෙස්ට් පිටියේදී දකුණු අප්‍රිකානු සංචාරයෙදී දක්ශතා දැක්වූ විශ්ව පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය හැරෙන්නට වෙනත් පන්දු යවන්නන්ට ඉහලදක්ශතා දැක්වීමට අපොහොසත් විය.
ඒ කෙසේ වුවත් යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර 2018 වර්ශයට වඩා 2019 වසරේ සිය වේග පන්දුවේ ප්‍රගතියක් පෙන්නුම්කර ඇත.
ටෙස්ට්, එක්දින පිතිකරණ පන්දු යැවීමේ දක්ශතා සමස්තයක් ලෙස ගත් කල කිසි ලෙසකින් සෑහිමකට පත් වීමට නොහැකි අතර එයඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වැනි රටවල ක්රීඩ්කයන්ගේ තනි දක්ශත හා සැසඳීමේදී තවදුරටත් පැහැදිලි වේ.
2020 දී මෙම අවාසනාවන්ත තත්වය මග ඇරී කණ්ඩායම ජයග්‍රාහී මාවතට ඒමට නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ්චන්දිමාල්, දිමුත් කරුණාරත්න, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා වැනි ක්‍රීඩකයන් සිය වගකීම නිසි ලෙස තේරුම් ගත යුතු අතර එසේමකුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක වැනි තරුණ ක්‍රීඩකයන්ද එයට අවශ්‍ය සහය සහ දායකත්වයකණ්ඩායමට ලබා දිය යුතුමය.
ඒ අනුව 2020 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභදායක සහ සතුටුදායක වසරක් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ එකම අභිප්‍රායයි.[/vc_column_text][/vc_column][/vc_row]