චන්දිමාල් හා තරංගගේ මීළග ඉනීම ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස අරඹාවිද ?

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් සංවිධානය කළ අදියර 02 පුහුණු පාඨමාලාව පසුගිය දා සාර්ථකව අවසන් විය. මෙම පුහුණු පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු ඇතුළත්වූ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංගද මීට ඇතුළත් විය.

ඔක්තෝම්බර් මස 22 වනදා ආරම්භ කළ මෙම පාඨමාලාව දින හයක් පුරාවට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන පැවති අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රීපාල වීරක්කොඩි හා රන්දිකා ගල්හේනද මීට සහභාගී විය.

ක්‍රීඩකයන්ගේ මානසික කුසලතා වර්ධනය කිරීම , සාර්ථක පුහුණු සැලසුම් ගොඩනැගීම හා කුසලතා වැඩි දියුණු කර ගන්නේ කෙසේද යන්න අරමුණු කොට ගෙන මෙම පාඨමාලාව පැවැත්වුණි. පිතිකරණය , වේග පන්දු යැවීම , දඟ පන්දු යැවීම, පන්දු රැකීම හා කඩුලු රැකීම ක්‍රීඩකයන්ගේ වර්ධනය කිරීමට පුහුණුකරුවකුගේ කාර්යභාරය කුමක්ද යන්න හා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව භාවිතය සහ ඒ තුළින් මානසික තත්ත්වයන් වර්ධනය කර ගැනීම මෙන්ම සන්නිවේදනය සහ ඉදිරිපත් කිරීම මෙම පාඨමාලාවේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අධ්‍යාපන ඒකකයේ පුහුණු ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා තාරක සමරතුංග සහ චමිල ගමගේ යන මහත්වරු විසින් අදියර දෙක පුහුණු පාඨමාලාව සැලසුම් කොට තිබුණු අතර මානව සම්පත් දායකත්වය දැක්වීමට හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් වන රංගන හේරත් ප්‍රසන්න ජයවර්ධන හා රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මහත්වරුන් ඉදිරිපත් විය.

මේ අතර අන්ත ජාතික ක්‍රිකට් කවුන්සලයේ එරිට් පැනල්හි ශ්‍රී ලංකා නියෝජනයක් වන කුමාර ධර්මසේන මහතා මානසික තවයන් වර්ධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ සැසියකට එක්විය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටින ප්‍රවීණ පුහුණුකරුවෙකු සුමිත්‍ර වර්ණකුලසූරිය මහතා , දිස්ත්‍රික් පුහුණුකරුවෙකු වන ශානක ප්‍රනාන්දු , ඩිල්ශාන් ෆොන්සේකා හා අරවින්ද ජයදේවා මහත්වරු පාඨමාලාවේ උපදේශකවරුන් ලෙස ක්‍රියා කරන ලදී.

-චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top