බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම හා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර තරගය අද දිනයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග බිමට අවතීර්ණ විය.
කාසිය වාසිය දිනූ සිඩ්නි සික්සස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ප්රතිවාදීන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසෙන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5කට ලකුණු 190ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකාරිණි චමරි අතපත්තු පන්දු 39කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 52ක් රැස්කිරීමට සමත් විය. Phoebe Litchfield පන්දු 28කදී වේගවත් ලකුණු 54ක් රැස්කළාය.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන සිඩ්නි සික්සස් කණ්ඩායමට පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණයි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු පන්දුවාර 4 තුළ ලකුණු 20කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. හේදර් නයිට් ලකුණු 27කට කඩුලු 3ක් බිදහෙලීය. මෙම තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ චමරි අතපත්තු සම්මානයට පාත්ර විය.