චමරි ශ්‍රේණිගතකිරීම්හි ඉහළම රේටින් ප්‍රමාණය ලබා ගනී

[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි. එංගලන්තයට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයේ දී දැක්වූ දක්ෂතා අනුව සිය 20-20 දිවියේ හොඳම රේටින් ප්‍රමාණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ට හැකිවිය. මේ අනුව ඇය 20-20 දිවියේ පිතිකරණ හා අංශයෙන් ඉහළම රේටින් ප්‍රමාණය ලබාගැනීම සමත් වී ඇත.

ඇය වත්මන් විස්සයි විස්ස පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයට පත් වී ඇති අතර ඇයට හිමි රේටින් ප්‍රමාණය 671කි. කාන්තා තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලැයිස්තුවේ නවවැන්නිය ලෙසින් චමරි රැදී සිටියි. මේ අතර චමරි එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි දෙවැන්නිය බවට පත් වී ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top