චමීරයි, ඇන්ජියි කණ්ඩායමට ආපු එක ගොඩක් වටිනවා – සදීර සමරවික්‍රම

මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයග්‍රහණය කරා රැගෙන යාමට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකරන්නට සදීර සමරවික්‍රම සමත් වුණා. ඊයේ දිනයේ බැංගලෝර්හිදී පැවති පුහුණුවීම් අතරතුරදී සදීර සමරවික්‍රම Ceylon Sports වෙත මෙලෙසින් අදහස් දැක්වූවා.

හොද රිද්මයකින් ලකුණු ලබාගැනීමට හැකිවීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි මොකද ලෝක කුසලානයක මේ වගේ දක්ෂතා දක්වන්න ලැබීම ගැන. කණ්ඩායමක් විදියට සෙල්ලම් කරද්දි මගේ දක්ෂතා ඉතුරු තරග වලටත් වුවමණා වෙනවා. ඒ නිසා මගේ කරපු මූලික දේවල් ඒ විදියටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

ජාතික කණ්ඩායමට නැවත එන්න පුලුවන් වීම ගැන අදහස ?
ඔව් ඇත්තටම ගොඩක් වුවමනාවෙන් හිටිය කණ්ඩායමට එන්න. මොකද අවුරුදු 4ක් 6ක් විතර එලියෙ හිටියා. මට අවස්ථාවක් හම්බුනා. මම A ටීම් එකේ හොදින් ක්‍රීඩා කරපු න්සා හා LPL වල කරපු දේවල් හින්දා මට අවස්ථාවක් හම්බුනා. මගේ බලාපොරොත්තුව දිගු කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න. කොහොමද මම සෙල්ලම් කරන ගමන් තරග දිනවන්නෙ කියන එක මාස්ටර් කරන්න තමයි මගෙ ලොකුම සැලසුම තියෙන්නෙ. කණ්ඩායමක් විදියට ජයග්‍රහණ ඕනි වෙලා තියෙන අවස්ථාවක් මේක. බලාපොරොත්තු වෙනවා තරග දිනවන්න පුලුවන් තරම්

ඇන්ජිලෝ සහ චමීර සංචිතයට පැමිණීම කොහොමද ?
කණ්ඩායමට ඒ වගේ පරිණත ක්‍රීඩකයන් දෙන්නෙක් ආපු එක ගොඩක් වටිනවා. මං දන්නෑ තරග ක්‍රීඩා කරන්නෙ කොයි වෙලාවෙද මං දන්නෑ ඒක. නමුත් කණ්ඩායමක් විදියට අපිට අත්දැකීම වටිනවා. මේ වෙලාවෙ අපිට ඒ දෙන්නගෙන් ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා කණ්ඩායමට. ගොඩක් තරග දිනවපු දෙන්නෙක් ලංකාව වෙනුවෙන්. ඇත්තටම සතුටුයි ඒ දෙන්න මේ වෙලාවෙ කණ්ඩායමේ ඉන්න එක ගැන

එංගලන්ත තරගය පිළිබඳව තියෙන සැලසුම් මොනවද ?
ගොඩක් සැලසුම් කරනවා මේ තරගය අපි ජයග්‍රහණය කරගන්න. අපි දන්නවා මේ තරගය සහ ඉතුරු තරග හොදට ක්‍රීඩා කලොත් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා තරගාවලියේ ඉදිරියටම යන්න. ඒගොල්ලොත් ගොඩක්ම රිද්මයේ නැති වෙලාවේ අපිට අතපසුවීම් අඩු කරලා පුලුවන් තරම් මේ තරග කිහිපය අපේ 100%ක් කරන්න පුලුවන් නම් මම හිතන්නෙ එන කණ්ඩායමේ නම වැඩක් නෑ අපේ කට්ටිය මූලික දේවල් හරියට කළොත් මේ තරග ඇත්තටම ජයග්‍රහණය කරන්න පුලුවන්.

ඔබේ පසුපස සිටින වීරයා කවුද?
මම මුලින්ම යන්නෙ තාත්තා ගාවට කොච්චර අසාර්ථක වුණත් ලකුණු ගැහුවත්. මුලදි කණ්ඩායමෙන් ඉවතට ගියාට ටික කාලෙකට පස්සෙ මං ආයෙ පටන් ගත්ත මූලික දේවල් වල සහ A ටීම් වල මම කොහොමද ලකුණු ගහන්නේ, LPL වල කොහොමද ලකුණු ගහන්නේ ඒ දේවල් වලට අවදානය යොමු කරා. මට පාලනය කරන්න බෑ මම මෙතනට එන විදිය. ලකුණු ගහන විදිය මට පාලනය කරන්න බෑ. නමුත් මහන්සි වෙලා වැඩ කරන එකයි මනස හරියට තියාගන්න එකයි විතරයි මට පාලනය කරන්න පුලුවන්. ඒ අවුරුදු හතරේ පාලනයේ නැති දේවල් හැම දෙයක්ම අමතක කරලා මට පාලනය කරන්න පුලුවන් දේවල් ගැන තමයි වැඩිපුර හිතුවේ.

Back To Top