චමීර සහ වනිඳු නැති නිසා එංගලන්තයට ලකුණු 350 ක් ලබාගන්න පුලුවන් – හිටපු ඉන්දීය ක්‍රීඩක ආකාෂ් චොප්‍රා

ජොස් බට්ලර් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව අද දිනයේදී බැංගලෝර්හි දී තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. වත්මන් ශූරයින් ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ට තරගාවලියට අවතීර්ණ වීමට නම් අද දිනයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළ යුතුය.

හිටපු ඉන්දීය ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක ආකාෂ් චොප්‍රා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ජෝස් බට්ලර්ගෙන් ඉල්ලා සිටියේ කාසියේ වාසිය දිනුවහොත් පළමුව පන්දුවට පහර දෙන ලෙසයි. මෙම තරගය එංගලන්තය ජයග්‍රහණය කරන බවටද ඔහු අනාවැකි පළ කළේය.

” කාසිය වාසිය දින්නොත් ඔබ පන්දුවට පහර දෙන්න. දකුණු අප්‍රිකාව ඔබේ කණ්ඩායමට ගොඩක් ලකුණු ගැහුවා, ඒවගේම ඇෆ්ගනිස්තානයට එරෙහිවත් හඹා යන්න ඔබට බැරි වුණා. ඒ නිසා හඹායන්න එපා, පළමුව පන්දුවට පහර දෙන්න. දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග නැති නිසා ඔබට ලකුණු 350 ක් ලබාගන්න පුලුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම ටිකක් දුර්වලයි වගේ. ඩිල්ෂාන්, රාජිත, මහීෂ් ඉන්නවා. නමුත් ඔවුන් ඔබට කරදයක් වෙන ආකාරයේ පන්දු බලඇණියක් නොවෙයි.”

Back To Top