[vc_row][vc_column][vc_column_text]
ආසියානු ක්රීඩා තරගාවලියේ කාන්තා ක්රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව ශ්රී ලංකාව ආසියානු ක්රීඩා තරගාවලි ඉතිහාසයේ අනිවාර්ය පදක්කමක් පිළිබඳව බලාපොරොත්තු තහවුරු වුනේ වසර 9කට පසුවයි. ජයග්රහණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු අදහස් දක්වා ඇත.
“මම මගේ කණ්ඩායමේ දක්ෂතා ගැන සතුටු වෙනවා. ඒ වගේම මගේ කෙල්ලො ගැන මට ආඩම්බරයි. ඔවුන් අවසන් මාස කිහිපය තුළ හොද ක්රිකට් එකක් ගැහුවා. නවසීලන්ත අපේ රට තුළදී පරාජය කිරීම, එංගලන්තය ඔවුන්ගේ රටේදී පරාජය කිරීම කියන දේවල් මම විශේෂයෙන් සටහන් කරන්න ඕන. කණ්ඩායම පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා. ඔවුන් හැමවෙලේම කතා කරන්නෙ ධනාත්මක දේවල්. අපි මේ තරගයට ආවේ හොද ආත්ම විශ්වාසයකින්. අපි අදත් හොද ක්රිකට් එකක් ගැහුවා. හෙටත් ඒ වගේම හොදින් දස්කම් දක්වන්න බලාපොරොත්තු වෙනවා. “
[/vc_column_text][/vc_column][/vc_row]