ජාත්‍යන්තර පාසල් නෙට්බෝල් කිරුල කොළඹ ගේට්වේ දිනාගනී !

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් අතර පැවැති අන්තර් පාසල් දැල් පන්දු තරගාවලියේ ශුරතාව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල දිනා ගත අතර එම පාසෙලේ දිනී ජයවීර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තමන් සතු කරගත්හ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලිය සදහා ජාත්‍යන්තර පාසල් 15ක් සහභාගි වූ අතර අවසන් මහා තරගය සදහා කොළඹ ගේට්වේ හා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් සුදුසුකම් ලැබිය. එහිදී ලකුණු 10-08 ක් ලෙස තරගය තියුණු ත්රගයෙකින් පසුව කොලබ ගේට්වේ ජය වාර්තා කළේය.

මෙම තරගාවලිය පුර ප්‍රබල දක්ෂතා පෙන්වූ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ 12 හැවිරිදි දිනී ජයවීර නෙට්බෝල් රැජින සම්මානය දිනා ගත්තේය. බොහෝ දෙනාගේ අවධානය දිනාගත් දිනී දැරිය නිවැරදි තාක්ෂණයක් සහ වේගයක් ඇති ක්‍රීඩිකාවක් බව මනාව පෙන්නුමි කළහ. ඒ වගේම ඇයට හොද පැහැදිලි නෙට්බෝල් අනාගතයක් ඇති බවට බොහෝ දෙනකුගේ කථා බහට ලක්වුහ.

තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී මහනුවර ගේට්වේ පිල නුගේගොඩ ලයිසියම් ලකුණු 10-07 ලෙස පරදවමින් තියුණු ජයක් වාර්තා කරගත්හ.

තරගාවලියේ දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස චෙනුති පෙරේරා (කොළඹ ගේට්වේ ) , දක්ෂතම විදින්නිය නායිකා රනෙන් නසී ( කොළඹ ගේට්වේ ) දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව ලෙස රියරි වික්‍රමාරච්චි ( වත්තල ලයිසියම් ) යන ක්‍රීඩිකාවන් සම්මාන දිනා ගත්හ.

Back To Top