ජාතික කණ්ඩායමට එන 21ක් වියැති පෙරළිකාර නවක පිතිකරු.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් පසුගියදා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් සංචිතයක් නම් කෙරුණා. මෙතෙක් කිසිදු තරඟ රටාවකදී ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයින් දෙදෙනෙක් මේ සංචිතයට අතුලත්ව තිබෙනවා. ඔවුන්ගෙන් එක ක්‍රීඩකයෙක් වන දිල්ෂාන් මදුශංක පිළිබඳව අපි ඊයේ දිනයේදී ලිපියක් පල කළා .

අද අපගේ අවදානය ඉන් අනෙක් නවකය වන සන්තුෂ් ගුණතිලක පිළිබඳව. දකුණත් පිතිකරුවෙක් වන සන්තුෂ් මේ වන විට කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන සන්තුෂ් කොල්ට්ස් කණ්ඩායමේ පිතිකරණ ලයිස්තුවේ ප්‍රභල සාමාජිකයෙක්.

තවමත් 21 වෙනි වියේ පසුවන සන්තුෂ්ගේ පාසල බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයයි. 2018/19 Singer වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරඟාවලියේ දෙවන වැඩිම ලකුණුලාභියා වීමට සන්තුෂ්ට හැකියාව ලැබුණා.

ලකුණු 1235ක් සහ 77.19 ක පිතිකරණ සාමාන්‍යයකින් යුතුව සන්තුෂ් සිය අවසන් පාසල් තරඟාවලිය නිමා කලේ තරඟාවලියේ ඉහලම ලකුණු සාමාන්‍යය වාර්තා කල පිතිකරුවා ලෙසයි.

මෑතකදී නිමා වූ SLC මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සන්තුෂ් පෙන්නුම් කල දක්ෂතා හේතුවෙන් ඔහුව ජාතික ටෙස්ට් සංචිතයට ඇතුලත් කර ගැනීමට ඇතැයි අප විශ්වාස කරනවා.

මෙවර පළමු පෙළ ලිග් තරගාවලියේදී කෝල්ට් කණ්ඩායමේ පිතිකරණ බලඇණිය ශක්තිමත් කල සන්තුෂ් එහිදී ලකුණු 679ක් රැස් කිරීමට සමත් වුණා. තරගාවලිය පුරාවට ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් වාර්තා කල සන්තුෂ් 48.50ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව තිබෙනවා.

පිතිකරණයට අමතරව දකුණතින් මද වේග පන්දු යැවීමට හැකියාවක් ඇති ඔහු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙක්. සන්තුෂ් නිමාවුණු පළමු පෙළ තරඟාවලිය තුල කඩුළු 6ක් දවාගැනීමටද සමත් වුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමද නියෝජනය කර ඇති සන්තුෂ් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශක්තිමත් කිරීමට වඩාත් හොඳ තේරීමක් වනු ඇති අප විශ්වාස කරනවා.

උපුටා ගැනීම – Creeda Sports Network [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top