[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ක්‍රීඩා සංගම් හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින පාසල් ක්‍රීඩා සංගම් එකිනෙකා අතර සහයෝගීතාවයකින් හා එක් අරමුණකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ජාතික වැඩපිලිවෙලක් සකස් කිරීමට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතුඅමාත්ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා පියවර ගෙන ඇත.
ඒ අනුව වෙන් වෙන්ව, එක් එක් ක්‍රීඩාවන්ට අදාල ජාතික ක්‍රීඩා සංගමය හා පාසල් ක්‍රීඩා සංගමයේ නිළධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශයට කැදවා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිවැඩකටයුතු හා සැළසුම් පිළිබදව සාකච්ඡා ආරම්භ කර ඇත.
මේ වන විට නෙට්බෝල්, හොකී, ටයිකොන්ඩෝ, ජූඩෝ, ටේබල් ටෙනිස්, මල්ලවපොර, බැඩ්මින්ටන්, පාපන්දු, රග්බි, ජිම්නාස්ටික්, බාස්කට් බෝල්, ඔරු පැදීම, බොක්සිං, බේස් බෝල්, චෙස්, ස්කෝෂ් යන ක්‍රීඩාවන්හි ජාතික හා පාසල් සංගම් සමග ඉතා සාර්ථක අන්දමින් සාකච්ඡා අවසන් කර ඇත. ඉදිරි දිනකිහිපය තුල අනෙක් ක්‍රීඩා සංගම් සමග ද සාකච්ඡා කර ඒ කරුණු උපයෝගීකර ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය අඩිතාලම නිර්මාණය කරමින් පවති. ගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගෙනයන මෙම සාකච්ඡා හරහා ක්‍රීඩාශීලි දරු පරපුරක් නිර්මාණය කර ක්‍රීඩාවෙන් රට ඉදිරියට ගෙන යැමේ වඩාත් වැදගත් සංධිස්ථානයක් ලෙස මෙය හැදින්විය හැක.
මෙම ක්‍රීඩා සංගම් හමුවීම තුළ අමාත්‍යාංශ ලේකම්තුමාගේ සෘජු අධීක්ෂණයට යොමු වන වැදගත් කරුණු අතර ක්‍රීඩා සංගමයේ ස්වභාවය, දැනට දක්වා තිබෙන දක්ෂතා, පුහුණුවීම් හා පුහුණුකරුවන් පිළිබදව, තාක්ෂණික මට්ටම, යටිතල පහසුකම්, ක්‍රීඩා උපකරණ, තරගාවලි, ජාත්‍යන්තර ජයග්‍රහණ හා දක්ෂතා මට්ටම්, සංගමය තුල ඇති ක්‍රීඩා සමාජ ප්‍රමාණය, මූල්‍යමය ස්වාධීනත්වය, පරිපාලන කමිටු, විනය නීති මාලාවන්, ජාත්‍යන්තර ඡන්ද බලය, පරිපාලනය, නිර්ණායකයන් යන ප්‍රධාන කරුණු 15 ක් යටතේ විශාල අනු කරුණු රාශියක් සාකච්ඡා කරන ලදි.[/vc_column_text][/vc_column][/vc_row]