ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අවසන් ගැටුමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතරයි.T10 ලීක් ක්‍රිකට් තරගාවලිය පසුගිය එකොළොස්වැනිදා ආරම්භ වුණේ කණ්ඩායම් හයක සහභාගිත්වයෙන්.

මූලික වටයේ පැවති තරගවල ලකුණු සටහන අනුව කණ්ඩායම් හතරක් සුපිරි හතර වටයට සුදුසුකම් ලැබුවා.අවසන් තරගයට ක්‍රීඩා කරන පළමු කණ්ඩායම තේරීමේ තරගයට සහභාගී වුණේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානයන්හි පසු වූ ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතර.එම තරඟයන ජය වාර්තා කළ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සෘජුවම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.ඉන් පරාජය වූ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා දෙවෙනි කණ්ඩායම තේරීමේ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණා.

එම සුදුසුකම් ලබා ගැනීමේ තරඟයට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම තේරීමේ තරගය පැවැත්වුණේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව තුන්වෙනි ස්ථානයේ පසුවූ කැන්ඩ් බෝල්ට්ස් සහ ගෝල් මාර්වෙල්ස් කණ්ඩායම් අතර.එම තරගයන ජයගත් ගෝල් මාවෙල්ස් කණ්ඩායම අවසන් තරගයට ක්‍රීඩා කරන දෙවැනි කණ්ඩායම තේරීමේ තරගයට සුදුසුකම් ලැබුවා.පරාජය වූ කැන්ඩිබෝල්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායමතේරීමේ තරඟය පැවැත්වුණේ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් සහ ගෝල් මාර්වෙල්ස් කණ්ඩායම අතර.එම තරගය කඩුලු හතරකින් ජයගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුනා.

ඒ අනුව T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතර.
එය පස්වරු පහයි තිහට ආරම්භ වන්නේ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

Back To Top