ජීවන් මෙන්ඩිස්ගෙන් කඩුලු 5 ක්

[vc_row][vc_column][vc_column_text]කලුතර නාගරික පිලට එරෙහි තරගයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ලකුණු 21කට කඩුලු පහක් දවාලමින්ද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහුට අමතරව මහනුවර කස්ටම් පිලට එරෙහි තරගයේදී ගාල්ල ක්‍රීඩා සමාජයේ චලන ද සිල්වා ලකුණු 23කට කඩුලු 4ක් බිද දමමින්ද සෙබස්තියනයිට්ස්ට එරෙහි තරගයේදී ටැමිල් යුනියන් පිලේ ශිරාන් ප්‍රනාන්දු ලකුණු 19කට පිතිකරුවන් හතරක් දවාලමින් අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සෙනසුරාදා (13) පැවැති තරගවලදී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

පිතිකරුවන් අතර මෙදින වැඩම ලකුණු ලබාගත්තේ පොලීසිය සහ කුරුණෑගල අතර තරගයේදී කුරුණෑගල යූත් කණ්ඩායමේ ගයාන් මනීෂාන්ය. ඔහු පන්දු 64කදී හයේ පහක් හතරේ තුනක් සමග නොදැවී ලකුණු 85ක් රැස් කළේය. නුගේගොඩ – නිගම්බු තරගයේදී නිගම්බු කණ්ඩායමේ නායක ඩිල්ෂාන් මුණවීර පන්දු 44කදී හයේ හතරක් හතරේ හයක් සමග ලකුණු 74ක් ලබා ගනිමින් නැවත වතාවක් ලකුණු අතරට ඒමට සමත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී පොලීසිය සහ කුරුණෑගල යූත් අතර තරගය කණ්ඩායම් දෙකම ලකුණු 155 බැගින් සමවිමෙන් කණ්ඩායම් දෙකට ලකුණු 1-1 බැගින් පිරිනමන ලදී. මේ තරගාවලියේ තරගයක් සමවූ ප්‍රථමවතාව මෙයයි. මෙදින පැවැති තරග අතුරින් නිගම්බු, ගුවන් හමුදාව, මුවර්ස්, රාගම,ගාල්ල,බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

මීගමුව –  නුගේගොඩ

මීගමුවට කඩුලු 9ක පහසු ජයක්

නුගේගොඩ පන්දු වාර 20කදී කඩුලු 5ට 153 යි – (මුදිත ලක්ෂාන් නොදැවී 60,ප්‍රමුද් හෙට්ටිවත්ත 51,රොෂෙන් ප්‍රනාන්දු 28/2)

මීගමුව පන්දුවාර 16.5කදී කඩුලු 1 ට  154 යි – ( දිල්ෂාන් මුණවීර 74 ,ළහිරු මිලින්ත නොදැවී 66,විකුම් සංජය 29/)

ගුවන් හමුදාව –  වරාය අධිකාරිය

ගුවන් හමුදාවට ලකුණු 10ක ජයක්

ගුවන් හමුදාව පන්දුවාර 20 කදී කඩුලු 8කට 153 යි – (රවිඳු සෙම්බුකුට්ටිගේ 46 ,උදයවංශ පරාක්‍රම 25,සමීර ද සොයිසා 22,ඉෂාන් අබේරත්න 24/3)

වරාය පන්දුවාර 20කදී කඩුලු 7ට 143 යි – (ඉරෝෂ් සමරසූරිය 53, ප්‍රසාන් වික්‍රමසිංහ 27 , රජීව වීරසිංහ නොදැවී 12, සංජය රණවීර 14/2,අරවින්ද ප්‍රේමරත්න 20/2)

මුවර්ස් – කලුතර

මුවර්ස් පිලට කඩුලු 8 ක ජයක්

කලුතර නගර පන්දුවාර 13.5කදී සියලු දෙනා දැවී 74 යි. – ( පන්සිලු දේශාන් නොදැවී 21,තාරක වඩුගේ 23 ,ජීවන් මෙන්ඩිස් 21/5)

මුවර්ස් පන්දුවාර 8.4 කදී කඩුලු 2ට 75 යි – (රනිත ලියනආරච්චි 39, මහේල උඩවත්ත නොදැවී 24, මිතුන් ජයවික්‍රම 25/2)

රාගම – සැරසන්ස්

රාගමට කඩුලු 6ක ජයක්

සැරසන්ස් පන්දුවාර 19.1කදී 116 යි – ( කවීෂ කහතුඩුව ආරච්චි 17,හසෙන් රාමනායක 17,බිනුර ප්‍රනාන්දු 22/3,ඉෂාන් ජයරත්න 26/2,ජනිත් ලියනගේ 10/2)

රාගම පන්දුවාර 19.2කදී කඩුලු 4ට 120 යි – ( නිෂාන් මධුෂ්ක 58,සමිඳු ප්‍රනාන්දු නොදැවී 15,ආකාෂ් සේනාරත්න 19/1,අයන සිරිවර්ධන 11/1)

ගාල්ල – මහනුවර කස්ටම්

ගාල්ලට ලකුණු 24ක ජයක්

ගාල්ල පන්දු වාර 20කදී කඩුලු 7ට 145යි – (එරංග රත්නායක 45, දිල්ෂාන් කාංචන 40, විනුර දුල්සර 19, සම්පත් පෙරේරා 34/3යි, සචිත්‍ර පෙරේරා 15/1)

කැන්ඩි කස්ටම් පන්දුවාර 19.1කදී 121යි – (චාමික විජේසිංහ 24, සසිත් මනුරංග 23, චලන ද සිල්වා 23/4)

බ්ලූම්ෆීල්ඩ් – ලන්කන්

බ්ලූම්ෆීල්ඩ්ට කඩුලු 4ක ජය

ලන්කන් පන්දු වාර 20කදි කඩුලු 4ට 136යි – (දමිත් සිල්වා 34, හර්ෂ කුරේ නොදැවී 50යි, සංජික රිද්ම 28, දිලුන් ප්‍රනාන්දු 24/2)

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 19.1කදී කඩුලු 6ට 140යි – (නිපුන් හග්ගල්ල 57, කසුන් ඒකනායක 18, දමිත සිල්වා 20/2යි, සාලිය සමන් 24/1)

පොලීසිය – කුරුණෑගල

කුරුණෑගල යූත් පන්දු වාර 20කදී කඩුලු 3කට ලකුණු 155යි – (ගයාන් මහීෂාන් නොදැවී 85, ධනුෂ්ක

ධර්මසිරි 28, ළහිරු දියන්ත 23/2)

පොලීසිය පන්දු වාර 20කදී කඩුලු 8කට 155යි – (මදුරංග සොයිසා 62, අසේල් සිගේරා 22, සුපුන් මධුෂ්ක 21, නිම්සර අතරගල්ල 27/3යි, රන්දීර රණසිංහ 26/2)

ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස්

ටැමිල් යුනියන් පිලට ලකුණු 49 ක ජයක්

ටැමිල් පන්දු වාර 20කදී කඩුලු 7කට ලකුණු 141යි – (සිතාර ගිම්හාන් 32, සුපුන් කාවින්ද 28, මනෝජ් සරත්චන්ද්‍ර16, ඉසුරු උදාන නොදැවී 16, සචිත්‍ර ජයතිලක 19/2යි, චතුර ඔබේසේකර 29/2යි, තරූෂ් ප්‍රනාන්දු 21/2)

සෙබස්ටියනයිට්ස් පන්දු 20කදී සියලුදෙනා දැවී 92යි – (සචා ද අල්විස් 21, විහාන් ගුණසේකර 22, ශිරාන් ප්‍රනාන්දු 19/4යි, ප්‍රමෝද් මධුෂාන් 19/2)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top