ජෝන් කීල්ස් , LB ෆයිනෑන්ස් , MAS හෝල්ඩින්ස් ජය වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]27 වන වෙළද සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය අද දින ආරම්භ වූ අතර ප්‍රභලක්‍රීඩකයන් රැසකින් සමන්විත කණ්ඩායම් 7ක් මෙම තරගාවලිය සඳහා තරග වදී. වෙලඳ සේවාකණ්ඩායම් 6ට අමතරව ඉදිරියේ පැවත්වීමට නියමිත 19න් පහ ලොක කුසලානය ට පෙරහුරුවක්ලෙස 19න් පහල ජාතික කණ්ඩායමද මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

ඉන් කණ්ඩායම් 6ක් අද දින තරග වැදුනු අතර එම තරග විස්තර වල සාරාංශය පහතින් දැක්වේ.

ජෝන් කීල්ස් ( A ) vs සම්පත් බැංකු කණ්ඩායම

පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ සම්පත් බැංකු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර් දීමට ජෝන් කීල්ස්කණ්ඩායමට ආරාධනා කල අතර

මිනෝද් භානුකගේ සහ ඉශාන් ජයරත්නගේ සහයෙන් ලකුණු 195 සීමාවට ළගා වුනෝය.

ඔවුන් පිලිවෙලින් ලකුණු 37ක් සහ ලකුණු 40ක් රැස් කල අතර දිමුත් කරුණාරත්නට රැස් කරගත හැකි වූයේ ලකුණු 21ක් පමණි.

ලකුණු 196 හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායමට එය අසලට හෝ ඒමට ඉඩ නොතැපූ ජෝන් කීල්ස් පන්දු යවන්නන් ලකුණු 99ක් තුලදීකඩුලු 9ක් දවාගැනීමට සමත් විය.

තරගයට වර්ශාවෙන් බාධා ඇති වුනු අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 86ක ජයක් ජෝන් කීල්ස් කණ්ඩායමට හිමි විය.

එහිදී මොහමඩ් සිරාජ්, නුවන් ප්‍ර්දීප් සහ ඉශාන් ජයරත්න කඩුලු දෙක බැගින් දවාගත්තෝය.

ලකුණු සටහන –

ජෝන් කීල්ස් – 195 (48.2)

ඉශාන් ජයරත්න 40, මිනෝද් භානුක 37, ජෙහාන් ඩැනියෙල් 35

ජීවන් මෙන්ඩිස් 4/43 , දසුන් ශානක 3/28 , මලින්ද පුශ්පකුමාර 2/33

සම්පත් බැංකු කණ්ඩායම – 99/9 (32)

මොහමඩ් සිරාජ් 2/18 , ඉශාන් ජයරත්න 2/19 , නුවන් ප්‍ර්දීප් 2/21

LB ෆයිනෑන්ස් vs 19න් පහළ ජාතික කණ්ඩායම

සදීර සමරවික්‍රම , ඇන්ජලෝ පෙරේරා, ශෙහාන් ජයසූරිය , ඉසුරු උදාන වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත LB ෆයිනෑන්ස් කණ්ඩායම කාසියේවාසිය දිනා 19න් පහළ කණ්ඩායම සමග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර පන්දුවාර 50 අවසානයේ ලකුණු 285ක් රැස්කිරීමට ඔවුන් සමත් විය.

ධනංජය ද සිල්වා සහ ශෙහාන් ජයසූරිය ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කල අතර ඔවුන් පිලිවෙලින් ලකුණු 79ක් සහ 65ක් රැස්කලෝය.

පිලිතුරු ලෙස ක්‍රීඩා කල 19න් පහල කණ්ඩායමට විරුද්ධ වේග පන්දු යවන්නන් හමුවේ සාර්ථකව ලකුණු රැස් කිරීමට අපොහොසත් වූ අතරඑකම සාර්ථක පිතිකරුවා වූයේ පන්දු 75ක දී ලකුණු 44ක් රැස් කල නායල නිපුන් ධනංජය පමණි.

තරගයට වර්ෂාව හරස් වන විට 19න් පහළ කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ ලකුණු 180ක් රැස් කරහෙන සිටි අතර කඩුලු 8ක් දැවීඅපහසු අවස්ථාවක සිටියේය.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව LB ෆයිනෑන්ස් කණ්ඩායමට ලකුණු 76ක ජයක් හිමි විය.

ලකුණු සටහන –

LB ෆයිනෑන්ස් – 285 ( 50)

ධනංජය ද සිල්වා – 79, ශෙහාන් ජයසූරිය 69, සදීර සමරවික්‍රම 47, ලහිරු උදාර 31, ඇන්ජලෝ පෙරේරා 30

යසිරු රොද්‍රිගෝ 2/50 , රොහාන් ජයවීර 2/51

19 න් පහළ ජාතික කණ්ඩායම 180-8 (28.3)

නිපුන් ධනංජය 75, අවිශ්ක පෙරේරා 21

ඉසුරු උදාන 2/17, කවිශ්ක දිල්ශාන් 2/30, ශෙහාන් ජයග්‍රහණය 2/30

MAS හෝල්ඩින්ස් vs ඩීමෝ

කාසියේ වාසිය දිනූ MAS හෝල්ඩින්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර් දුන් අතර පන්දුවාර 50 අවසානයේ ලකුණු 259ක් රැස් කලඅතර එහිදී දිගින් දිගටම ලකුණු අතර සිටින වමත් යොවුන් ක්‍රීඩක කමිදු මෙන්ඩිස්ගේ ලකුණු 78 කැපී පෙනුනි.

එයට අමතරව කුසල් පෙරේරා සහ චාමර සිල්වා ලකුණු 43 බැගින් රැස් කිරිමට සමත් විය.

260ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඩිමෝ කණ්ඩායම ඉලක්කය පෙනෙන මානයේ සිටියදී පන්දුවාර 50 අවසානයේ රැස් කරගත හැකි වූයේලකුණු 250ක් පමණි. රමේෂ් මෙන්ඩිස් ලකුණු 66ක් රැස් කල අතර එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැත.

ලකුණු සටහන –

MAS හෝල්ඩින්ස් – 259 (48.4)

කමිදු මෙන්ඩිස් 78*, කුසල් පෙරේරා 46, චාමර සිල්වා 43, ප්‍රියමාල් පෙරේරා 23, මහේල උඩවත්ත 21

නිසල තාරක 3/52, රමේෂ් මෙන්ඩිස් 2/31, තික්ශිල ද සිල්වා 2/52

ඩීමෝ – 250-8 ( 50)

රමේෂ් මෙන්ඩිස් 66, නිපුන් කරුණානායක 54, දිනේශ් චන්දිමාල් 36, සම්මු අශාන් 23

ලහිරු මධුසංඛ 3/59, ඩිලෘවන් පෙරේරා 2/44[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top