[vc_row][vc_column][vc_column_text]ප්‍රථම වතාවට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය එළඹෙන ජූනි මස 18 වනදා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත වනවා. එහිදී අවසන් තරඟයේදී ඉන්දියාව සහ එංගලන්තය තරඟ වැදීමට නියමිත වනවා.
තරඟය පිළිබඳව අදහස් දක්වන නවසීලන්ත වමත් වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් පැවසුවේ මෙකී තරඟය දිගු ගමනක ආරම්භයක් වනු ඇති බවයි. මේ වන විට ටෙස්ට් පන්දු යැවීමේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානයේ රැඳී සිටින වැග්නර් නවසීලන්තය වෙනුවෙන් මෙකී තරඟයේ වඩාත් තීරණාත්මක ක්‍රීඩකයෙක්ද වනු ඇති.
“ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය යනු මට ලෝක කුසලානයක් හා සමානයි. මෙය පළමු වරට පැවැත්වෙන ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය වගේම එය වටා ලොකු ඉතිහායක් දක්නට ලැබෙන්නේ නෑ. නමුත් ටෙස්ට් ලෝක කුසලාන අවසන් තරඟය දිගු ගමනක ආරම්භයක් වේවි”
“ඔබගේ ළඟම මිතුරන් සමග එකට, නවසීලන්ත ක්‍රිකට් ලාංඡනය හිසේ තබාගෙන එය පපුවේ සලකුණු කොටගෙන ක්‍රීඩා කිරීම ඇත්තටම සුවිශේෂී වූ හැඟීමක්” වැඩිදුරටත් වැග්නර් ප්‍රකාශ කොට සිටියා.
2015 සහ 2019 වර්ෂයන් වලදී අවාසනාවන්ත ලෙසට එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟ ද්විත්වයක් පරාජයට පත් වීමෙන් අනතුරුව ටෙස්ට් ලෝක කුසලානය හෝ තමන් සතු කරගැනීමේ අරමුණින් යුතුව නවසීලන්ත සටන් වදිනු ඇති.
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]