ටෙස්ට් විශේෂඥයන් කිහිපදෙනෙකු කල්වේලා ඇතුවම දේදුනු දේශයට

ෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි.

මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු එළඹෙන නොවැම්බර් 12වනදා දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට නියමිතය.

මෙම ක්‍රීඩකයන් අතරට ටෙස්ට් නායක ධනංජය සිල්වා සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස් ඇතුළත් ය. ඕෂධ ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක යන ක්‍රීඩකයන් ද එළඹෙන 12වනදා දකුණු අප්‍රිකාව බලා ගමන් කිරීමට නියමිතය.

මෙම තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු පුහුණුකරුවෙක් එක් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බවට ද තොරතුරු වාර්තා වී ඇත.

Back To Top