ටොම් මූඩී නැවතත් ශ්‍රී ලංකාවට ?

[vc_row][vc_column][vc_column_text]2005 වසරේ සිට වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් එක්වීමට නියමිත බව The Island පුවත්පත අනාවරණය කර ඇත.

ටොම් මූඩී මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ශ්‍රී ලංකාව 2007 ලෝක කුසලාන අනුශූරතාවය දිනා ගත් අතර ඊට අමතරව නවසීලන්තයේදි තරගාවලි ජයග්‍රහණයක් එංගලන්තයේදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් , T20 ජයග්‍රහණයක් හා ටෙස්ට් තරගාවලිය ජය පරපරාජයකින් තොරව නිමා කර ගැනීමට හැකිවීම කැපී පෙනුණි. මෙවර ටොම් මූඩි මහතාගේ ශ්‍රී ලංකා ආගමනය සිදුවනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක යන තනතුර සදහා වන අතර ඔහු යටතේ සියලුම පුහුණුවීම් , දේශීය තරගාවලි පැවැත්වීම , ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් පවත්වා ගැනීම ඇතුළු ක්‍රිකට් සම්බන්ධ සියලුම කාර්යයන් බල ගැන්වෙනු ඇති බව The Island පුවත්පත සදහන්කොට ඇත.

අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් ටොම් මූඩි මහතාගේ නම මෙලෙස යෝජනා කොට තිබෙන අතර ටොම් මූඩි මහතාට අමතරව රංගන හේරත් , චම්පක රාමනායක හා මාරියෝ වෙල්වරායන් යන මහත්වරුන් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක්කර ගැනීමට උත්සාහ කරන බව The Island පුවත්පත අනාවරණය කර ඇත.

 

– Tag Cricket -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top