ඩිල්ෂාන් මධුසංඛට IPL කොන්ත්‍රාත්තුවක් ලැබෙනු ඇතැයි ඉන්දීය විස්තර විචාරකයෙකු කියයි

ඉන්දියාව සමගින් ඊයේ දිනයේ දී පැවති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ එක්දින පිටියේ සිය හොදම පන්දු යැවීම වාර්තා කළේය. ප්‍රභල ඉන්දීය පිතිකරුවන් පස්දෙනෙකු දවාගැනීමට ඩිල්ෂාන් ඊයේ දිනයේ සමත් වූ අතර ඔහුගේ දක්ෂතාවය පිළිබඳව ඉන්දීය විස්තර විචාරක ආකාෂ් චොප්‍රා මෙලෙසින් අදහස් දක්වා ඇත.

” මධුශංක ඉතාමත් හොඳින් පන්දු යවනවා. ඔහු ඉතා හොඳ ක්‍රීඩකයෙක්. ඔහුට IPL කොන්ත්‍රාත්තුවක් ලැබෙනු ඇතැයි මට හැගෙනවා. ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු වනු ඇතැයි මට හැගෙනවා. ඔහු එම කණ්ඩායමට හෝ වෙනත් කණ්ඩායමකට යන බවක් පෙනෙන්නට තිබෙන ඉඩකඩ වැඩිය.”

එමෙන්ම ඉන්දීය විස්තර විචාරකයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන එකම පන්දු යවන්නා දුෂ්මන්ත චමීර බවයි.

” දුෂ්මන්ත චමීර හැර සෙසු පන්දු යවන්නන්ගේ තියුණු බවක් දක්නට ලැබුණෙ නෑ. ඔහු උඩපන්දුවක් අතහැරියා එහිදී ඔහුගේ උරහිස ක්‍රීඩාංගණයේ වැදුන නිසා යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවුණා, නමුත් ඔහු දක්ෂ ලෙස පන්දු යැව්වා.”

ඔවුන්ගේ පිතිකරණය ගැන මා කුමක් කිව යුතුද. අවම වශයෙන් තණතීරුව මත යම් කාලයක් ගත කරන්න, එවිට ලකුණු ටිකක් හරි ලැබෙයි. ඔබ ඇෆ්ගනිස්ථානයට පැරදුණා ඒකට කමක් නැහැ, නමුත් ඔබ එංගලන්තය පරාජය කළා ඒක හොඳයි. නමුත් මෙහි දී ලකුණු 55ක් සහ ආසියානු කුසලාන අවසන් තරගයේදී 50යි රැස්කළේ. වරෙක විශිෂ්ට කණ්ඩායමක් වූ ඔවුන් 1996 දී ජයග්‍රහණය කළා. ඉන් පසුව සෑම අවසන් පූර්ව තරගයකටම පැමිණීමට පුරුදුව සිටිය. දැන් ඔවුන්ට මොකද වෙලා තියෙන්නේ.

Back To Top