ඩිල්ෂාන් මධුසංඛ IPL වෙන්දේසියේදී කෝටි 6කට හෝ 8කට අලෙවි වනු ඇතැයි අනාවැකි පළවෙයි.

IPL වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉලක්ක කර ගත හැකි බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ආකාෂ් චොප්ර සදහන් කොට ඇත.

2014 IPL ශූරයන් වන කොල්කටා කණ්ඩායම රුපියල් කෝටි 32.70 ක් සමඟ ඉදිරි වෙන්දේසියට එක්වීමට නියමිතය. ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයින් හතර දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 12 දෙනෙකු සිය කණ්ඩායමට එක් කරගැනීමට හැකියාව පවතී. ඔවුන් Lockie Ferguson, Shardul Thakur, Tim Southee, සහ Umesh Yadav වැනි කැපී පෙනෙන වේග පන්දු යවන්නන් කණ්ඩායමෙන් නිදහස් කළහ.

“ඔවුන් වේග පන්දු යවන්නන් මිළට ගනී කියලා මට හිතෙනවා. ඔවුන් සතුව විශාල මුදලක් තියෙන නිසා ඔවුන් අභිබවා යාමට කණ්ඩායම් කිහිපයකට පමණක් හැකියාව ලැබෙයි. මම ගෞතම් ගාම්භීර්ව හොඳින් හඳුනනවා. ඔහුගේ අවදානය ඩිල්ෂාන් මධුශංක වෙත යොමු වේවි. මධුසංඛ කෝටි හයකට, අටකට වගේ අලෙවි වේවි.”

Back To Top