ඩිල්ෂාන් වෙනුවට වමත් වේගපන්දු යවන්නෙකු ශ්‍රී ලංකා සංචිතයට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්රී ලංකා කණ්ඩායමට වමත් වේග පන්දු යවන ක්රීඩක බිනුර ප්රනාන්දු කැදවා ඇත. ඒ ආබාධයට ලක් වූ වේගපන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුසංඛ වෙනුවටයි.

මින් පෙර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කොට සිටි ක්රීඩකයන් සිව් දෙනෙකුම ශ්රී ලංකා සංචිතයෙන් ඉවත් කොට ඇත්තේ ආබාධයන්ට ලක්වීම හේතුවෙනි. ඒ අනුව දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, ලහිරු කුමාරට අමතරව ඩිල්ෂාන් මධුසංඛටද මෙවර ආසියානු කුසලානය අහිමි වනු ඇත. ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන වේගපන්දු යවන්නන් ලෙසින් මේ වන විට නම් කොට ඇත්තේ මතීෂ පතිරණ, ප්රමෝද් මධුෂාන් හා කසුන් රාජිතයි.

ක්රීඩකයන් මෙලෙසින් ආබාධයන්ට ලක් වද්දි අනිද්දා ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්රී ලංකා සංචිතය තවමත් ප්රකාශයට පත් කොට නොමැත.

 

– චතුර රාමනායක -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top