[vc_row][vc_column][vc_column_text]කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික තේරීම් තරගාවලියේ අවසන් දිනය වූ අද කාගේත් අවධානය යොමුව තිබුණේ මීටර් 800 කාන්තා ඉසව්ව වෙතයි.
ඊට ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ක්‍රීඩිකාවන් වන නිමාලී ලියනාරච්චි හා නිමාලී ලියනාරච්චි සහාභාගීවීමත් ජාතික ශුරිය ඩිල්ෂි කුමාරසිංහ සහභාගීවීමත් ඊට හේතුවිය.
ඩිල්ශි ඒමෙහිදී තරගය මිනිත්තු 2:02.52 ක කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකා වාර්තාව තමාසතු කරගැනීමට සමත් වූවාය.
මෙතෙක් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී ගයන්තිකා අබේරත්න මෙහිදී තුන්වැනි ස්ථානයට පත් වූ අතර, ඊට පෙර ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී නිමාලී ලියනාරච්චි දෙවැනි ස්ථානයට පත්විය.
මෙම තරගයේ විශේෂත්වයක් වන්නේ, ක්‍රීඩකිවන් සිව් දෙනෙකුම මිනිත්තු 2:04 සීමාව තුළ තරගය අවසන් කිරීමයි.
මේ අතර, තරගයට සහභාගී වූ කණිෂ්ඨ (අවුරුදු 20න් පහළ) ක්‍රීඩිකාවක් වූ ශානිකා ලක්ෂානී මිනිත්තු 2:07.02 ක දක්ෂතාවක් දක්වමින් මෙම වසරේ කෙන්යාවේ දී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ සුදුසුකම් සැපිරීමට සමත්වූවාය.
310 | 800M | WOMEN | FINAL | ||
PLACE | BIB NO: | PLAYER NAME | CLUB/SCHOOL/DISTRICT | PERFORMANCE | REMARKS |
1 | 457 | K.G.D.M.S. KUMARASINGHE | SL ARMY | 2:02.52 | |
2 | 436 | W.K.L.A. NIMALI | SL AIR FORCE | 2:03.15 | |
3 | 470 | G.T.A. ABERATNE | SL NAVY | 2:03.64 | |
4 | 460 | N.M.C. DILRUKSHI | SL ARMY | 2:03.86 | |
5 | 498 | K. SHANIKA LAKSHANI | SL SCHOOLS | 2:07.02 | |
6 | 499 | K.G.N.M.A. KUMARI | SL SCHOOLS | 2:10.27 |
[/vc_column_text][/vc_column][/vc_row]