ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුශේන් වාර්තා පොත් අලුත් කරති!

[vc_row][vc_column][vc_column_text]පකිස්ථානය සමඟ පැවත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන කඩුල්ල සඳහා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුශේන් දැවන්ත වාර්තාගත ලකුණු361ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය.

ජෝ බර්න්ස් ලකුණු 4කට දැවී යනවාත් සමඟම පිටියේ එක් වූ මෙම දෙපල තරඟයේ පළමු දින එනම් ඊයේ දින උදෑසන සිට පළමු දිනයපුරා සහ අද දින උදෑසන දක්වා පකිස්ථානය පන්දු යවන්නන්ට කිසිදු අස්වැසිල්ලක් ලබා නොදෙමින් විශිෂ්ට වමත්- දකුණත්සුසංයෝගයකින් යුත් පිතිකරණයක නියලෙන්නට සමත් විය.

අලු බඳුන තරගාවලියේදී සාර්ථක වූ පකිස්ථානය සමඟ පැවති ප්‍රථම තරඟයේදීද ශතකයක් රැස් කර සාර්ථක වූ සහ 2019 වසරේ වැඩිමටෙස්ට් ලකුණු ලාභියා වන මාර්නස් ලැබුශේන් ලකුණු 162කින් මෙම සබඳතාවයට දායක වූ අතර සබඳතාවයක බිඳ වැටෙන විට ඩේවිඩ්වෝනර් ලකුණු 195ක් රැස් කර සිය ද්විත්ව ශතකය ආසන්නයේ සිටියේය.

මෙම ලකුණු 361ක දෙවන කඩුල්ලේ දැවන්ත සබඳතාවය පහත දැක්වෙන සියලුම වාර්තා යලි අලුත් කිරීමට සමත් විය.

ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ දෙවන කඩුල්ලට හොඳම සබඳතාවය
දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක ඕනෑම කඩුල්ලකට හොඳම සබඳතාවය
ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවන කඩුල්ලට හොඳම සබඳතාවය
ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියක දෙවන කඩුල්ලට හොඳම සබඳතාවය
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඕනෑම ක්‍රීඩාංගණයක දෙවන හොඳම සබඳතාවය
ඇඩිලේඩ් හිඳී ඕනෑම කඩුල්ලලට දෙවන හොඳම සබඳතාවය
පන්දු 484කදී ගොඩ නැගූ මෙම ලකුණු 361ක සබඳතාවය ශහීම් අෆ්‍රිඩීගේ පන්දුවක් හමුවේ කෙලින්ම කඩුල්ලේ වැදී දැවි ගිය මාර්නස්ලැබුශේන් ගේ ඉනිමත් සමඟම නිමා විය.

ඔහුගේ අති විශිෂ්ට ඉනිමට දර්ශනීය හතරේ පහරවල් විසි දෙකක් අන්තර්ගත විය.

ඔස්ට්‍රේලියානු ඉනිම දෙවන දිනයේ තේ විවේකයදී අත් හිටුවද්දී ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු335ක් රැස් කරමින් සිටියේ සිය ක්‍රිකට් දිවියේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩා කරමිනි.

අලු බඳුන ක්‍රිකට් තරඟාවලියේ දැවන්ත පසුබෑමකට ලක් වූ ඩේවිඩ් වෝනර් සිය සුපුරුදු රිද්මය යලි ලබා ගනිමින් පළමු ටෙස්ට් තරඟයේදශතකයක් වාර්තා කල අතර මෙම තරඟයේ දැවැන්ත ත්‍රිත්ව ශතකයක් වාර්තා කලේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ ත්‍රිත්ව ශතකයක් රැස් කලපළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දස වැනි ඉහළම ඉනිම වූ මෙය ඔස්ට්‍රේලියානු පිතිකරුවෙක් රැස් කල දෙවන හොඳම ඉනිමයි.

මෙම ඉනිම දෙවනි වන්නේ මැතිව් හේඩ්න් රැස් කල ලකුණු 375ට පමණි.

මෙම වාර්තාගත ඉනිමට හතරේ පහරවල් 39ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top