තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නැවතත් සමුගනී

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව නිවේදනය කළේ කර තිබෙනවා.මීට පෙරද ඔහු තම සමු ගැනීම ප්‍රකාශයට පත් කළා.තමීම් ඉක්බාල් 2023 වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා. ඒ දිගින් දිගටම කණ්ඩායම ජාත්‍යන්තර පිටියේදී අසාර්ථක වීම හේතුවෙන්.

නමුත් පැය 24ක් ගතවීමටත් මත්තෙන් තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කරමින් තමා තවදුටත් ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කරන බව ප්‍රකාශ කළා.
තමීම් මෙලෙස සිය තීරණය වෙනස් කළේ බංග්ලාදේශ අගමැති මැදිහත්වී ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩාකරන මෙන් කළ ඉල්ලීමත් සමගයි

ඉන්පසු තම රට නියෝජනය කරමින් තරග කළ තමීම් නැවතත් මෙලෙස සමුගන්නා බව ඊයේ නිවේදනය කළා.බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 70 ක් ක්‍රීඩා කළ තමීම් ලකුණු 5134 ක් රැස් කර තිබෙන්නේ ශතක 10 ක් සහ අර්ධ ශතක 31 ක් සමග.ඔහු එක්දින තරග 243කදී සහ 20-20 තරග 78 කදී බංග්ලාදේශය නියෝජනය කළා.තමීම් ඉක්බාල් කලක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා.

Back To Top