තරගයට හෝ ක්‍රීඩා නොකළ හෝගාර්ඩ් ඓතිහාසික ජයග්‍රහණයක කොටස්කරුවකු බවට පත්වූ අයුරු

[vc_row][vc_column][vc_column_text]2000 වසරේ අග භාගයේ එංගලන්ත කණ්ඩායමේ පාකිස්තානය තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් ඇතුළත්ව තිබුණා.ලාහෝර් හා ෆයිසලාබාද්හි පැවතුණ ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන්වූ අතර තෙවන හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වුණේ පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නිජබිමක් වන කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී. පාකිස්ථාන කණ්ඩායමක් කරච්චි ජාතික ක්‍රීඩාංගනයේදී පරාජයට පත්කිරීම යනු ප්‍රතිවාදී කණ්ඩායමකට මුහුණ දීමට සිදුවන එක්තරා දුෂ්කරතම අභියෝගයක් කිවහොත් එය නිවැරදියි.

නමුත් එම අභියෝගය ජය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම 2000 වසරේදී සමත් වුණා. එම ජයග්‍රහණය පිටුපස සිටි ක්‍රීඩකයන් අතර ප්‍රථම ඉනිමේ ශතකලාභී මයිකල් ඇතර්ටන් , තරගය පුරාම පන්දුවෙන් දස්කම් දැක්වූ ඈශ්ලි ජයිල්ස් , ඩැරන් ගෆ් , එංගලන්ත දෙවන ඉනීමේ ජයග්‍රාහී අඩිතාලම සැකසූ ග්‍රැහැම් තෝර්ප් හා ග්‍රැහැම් හික්ගේ නම් ඉහළින්ම කියවුණා. එම තරග ජයත් සමග එංගලන්ත කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව වසර 39 කට පසුව පාකිස්ථානයේදී ටෙස්ට් තරගාවලි ජයක පහස විඳගැනීමට සමත්වුණා.

නමුත් මෙම සටහන එම ජයග්‍රාහී වීරයන් පිළිබඳව නම් නොවෙයි.එක්තරා නොනිළ වීරයෙකු පිළිබඳවයි. ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියට සමුදෙන විට ටෙස්ට් තරග 67ක් නියෝජනය කළ මැතිව් හෝගාර්ඩ්. ඇත්ත වශයෙන්ම මැතිව් හෝගාර්ඩ් මෙම තරගාවලියේ කිසිදු තරගයකට ක්‍රීඩා කලේ නම් නෑ.

තරග ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්තයට ලැබුණු ඉලක්කය ළකුණු 176 ක්. නමුත් එම ලකුණු සංඛ්‍යාව තරගයේ අවසන් දිනයේදී පන්දුවාර 44 ක් තුළදී හඹායෑම තමයි එංගලන්තය ඉදිරියේ තිබුණු විශාලතම අභියෝගය වූයේ. විශේෂයෙන්ම සක්ලෙන් මුෂ්ටාක් , ශහිඩ් අෆ්‍රිඩි , දනේෂ් කනේරියා යන දඟ පන්දු යවන්නන් තිදෙනාට අමතරව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් පාකිස්තාන පන්දු යවන බලඇණිය නියෝජනය කළා. ඔවුන් සියලු දෙනාටම අමතරව පාකිස්තාන නායකත්වය හෙඹවූයේ පිටිය මැදදී ඕනෑම ආකාරයක උපක්‍රම රැසකට හිමිකම් කියූ නායකත්වයට එහාගිය කපටිකමක් සහිත මොයින් ඛාන්. එංගලන්තයට මෙම සියලු සාධක වලට අමතරව ස්වභාවධර්මය සමගින් සටනක්ද ඉතිරිව තිබුණේ සවස 5 පසුවන විට ක්‍රීඩාංගණයේ ආලෝක තත්වය දුර්වල වීම ආරම්භ වීමයි.

එංගලන්තය ලද අභියෝගය සාර්ථකව හඹායමින් සිටි අවස්ථාවේදී පාකිස්තාන පන්දු යවනන්ට තරගයේ පාලනය ගිලිහී ගොස් ඇති බව අවබෝධ කරගත් පාකිස්තානු නායක මොයින් ඛාන් එක් උපක්‍රමයක් භාවිතා කිරීමට තීරණය කළා. ඒ හැකි උපරිම කාලයක් භාවිතා කොට පිටිය සැකසීම , පන්දු යවන්නන් හුවමාරු කිරීම , පන්දු යවන්නන්ට උපදෙස් ලබාදීම වැනි කරුණු සඳහා කාලය උපරිමයෙන් වැය කරමින් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි තරමට අඳුර වැටීමට ඉඩ හැරීම ඔහුගේ උපක්‍රමය බවට පත්වුණා.

එයට උපරිම වශයෙන් දායකත්වය ලබාදුන් සක්ලෙන් මුෂ්ටාක් වරෙක සිය එක් පන්දුවාරයක් නිමා කිරීමට විනාඩි අටක කාලයක් වැය කොට තිබුණා. එසේම අලස ක්‍රීඩකයෙකු වන ඉන්සමාම් උල් – හක් පන්දුවක් පන්දුවක් පාසා පිටිය පුරා ඔබ මොබ ගමන් කරමින් කාලය මැරීම සිදුකරමින් සිය නායකයාගේ උපක්‍රමයට උපරිමයෙන් සිය දායකතය ලබා දුන්නා.

වේලාව සවස 5:21ක ලෙස කරච්චි ක්‍රීඩාංගනයේ ප්‍රධාන ඔරලෝසුවේ සටහන්ව තිබෙන විටදී වකාර් යුනිස්ගේ එක් පන්දුවාරයක් යැවීම සදහා විනාඩි 4ක කාලයක් පිටිය සැකසීමට මොයින් වැය කළා.

මේ අවස්ථාවදී පිටිය තුළට දැඩි අඳුරක් පතිත වී තිබූ අතර එංගලන්ත ක්‍රීඩාගාරයේ සිටි සියලු දෙනාම මීළඟ මොහොතේදී කුමක් වන්නේද යන්න දැඩි නොඉවසිල්ලෙන් යුතුව බලා සිටියා.

ඒ වනවිට පිටිය මැද සිටි නායක නසාර් හුසේන් හා ග්‍රැහැම් තෝප් යම් අපහසුතාවයකට පත්ව සිටියේ අඩු ආලෝක තත්වය යටතේ දර්ශන තිරය නිවැරදි ලෙස ස්ථානගත කරගත නොහැකි වුවහොත් ඔවුන්ට තවදුරටත් පන්දුව දැකගැනීම අපහසුවනවා සේම දර්ශන තිරය සැකසීමට පාකිස්තාන ක්‍රීඩාංගණ සේවකයින් වැඩි කාලයක් මිඩංගු කිරීම හා ඔවුන් එය සිතාමතාම නිවැරදි ලෙස ස්ථානගත නොකිරීමේ පිටිය මැද එංගලන්ත පිතිකරුවන්ගේ නොසතුටට හේතුවක් උනා.

මේ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මකවූ තරුණ ක්‍රීඩක මැතිව් හෝගාර්ඩ් දර්ශන තිරය අසලට දිවවිත් එය එංගලන්ත ක්‍රීඩකයන්ට අවශ්‍ය පරිදි නිවැරදි ආකාරය ස්ථානගත කිරීම සිදුකළා. විශේෂයෙන්ම ඔහු පාකිස්තාන ක්‍රීඩාංගණ සේවකයන්ට වඩා කාර්යක්ෂමව සිය සහෝදර ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවය තේරුම් ගෙන දර්ශන තිරය නිවැරදිව ස්ථානගත කිරීමට කටයුතු කළා.

පන්දුවාර දෙකයි පන්දු තුනක් ඉතිරිව තිබියදී එංගලන්තය තරගය ජයග්‍රහණය කරමින් පාකිස්තානය ඉදිරියේ 1-0 ක ඓතිහාසික තරගමාලා ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුණා.

තරගාවලි පුරා කිසිදු තරගයක් හෝ ක්‍රීඩා නොකළ මැතිව් හෝගාර්ඩ් ස්වේච්ඡාවෙන්ම මෙම ඓතිහාසික තරගමාලා ජයග්‍රහනය වෙනුවෙන් දැක්වූ දායකත්වය හේතුවෙන් එංගලන්ත ක්‍රීඩක විවේකාගාරයේ ජයග්‍රහණ සැමරුමේදී ඔහුට ඉදිරිපෙළ ස්ථානයක් ලබාදීමට කටයුතු කලා.

-චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top