තවත් ලෝක කුසලානයක් කල් යයි.

[vc_row][vc_column][vc_column_text]2022 වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය 2023 වසරේ පෙබරවාරි මාසය දක්වා කල්දැමීමට ඊයේ දිනයේදී ජාත්‍යන්තර කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. ඒ අනුව දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන මෙම තරගාවලිය පෙබරවාරි මස 9වනදා සිට 26වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ අගෝස්තු මාසයේදී 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය කොවිඩ් රෝගී තත්වයන් හේතුවෙන් 2022 වසර තෙක් කල් තැබීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණයකට එළඹිණි. එමෙන්ම 2022 වසරේ ජූලි මාසයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට කාන්තා පන්දුවාර විස්ස ඉසව්වක් ඇතුළත් වීමද හේතු කොට ගෙන මෙලෙසින් කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමූ බව ICC ප්‍රධාන විදායක මනූ සැව්නි මහතා ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම ඊයේ දිනයේදී රැස්වූ ICC ක්‍රිකට් කමිටුවේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට සම්පුර්ණ කළ යුතු වයස් සීමාව අවුරුදු 15ක් බවට පත් කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව කාන්තා හෝ පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් තරග, වයස අවුරුදු 19න් පහළ තරග සදහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස ප්‍රකාශ කෙරිණි. සුවිශේෂී අවස්ථාවකදි මෙම වයස් සීමාවට අඩු ක්‍රීඩකයන්ට තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් ICC ක්‍රිකට් කමිටුවට ඉල්ලීමක් කළ හැකි අතර ක්‍රීඩකයාගේ අත්දැකීම් , මානසික වර්ධනය යනාදී සාධක හමුවේ ඔවුනට ජාත්‍යන්තර මට්ටමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට ඇති හැකියාව පිළිබදව මෙහිදී සලකා බලනු ඇත

උපුටා ගැනීම – Cree Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top