[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් සහ තායිලන්ත කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ පර්ත්හිදී. කාසියේ වාසිය දිනූ තායිලන්ත ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ඔහුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 79 ක්. නැපට් කොන්චාරොඑන්කායි ලකුණු 33 ක් රැස් කළා. නරිමෝල් චයිවායි ලකුණු 13 ක් රැස් කළා. පන්දු යැවීමේදී ස්ටෙෆනි ටේලර් ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිලිතුරු ලෙස කොදෙව් ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ පන්දු වාර 16 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 80 ක් රැස් කරමින්. නායිකා ස්ටෙෆනි ටේලර් නොදැවී ලකුණු 26 යි. ෂෙමනි කැම්බල් නොදැවී ලකුණු 25 ක් රැස් කළා.[/vc_column_text][/vc_column][/vc_row]