තියුණු තරගයකින් අනතුරුව ඉන්දීය පිළ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ අතිශය තියුණු තරගයක් අද දිනයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෙම තරඟය ජයග්‍රහණය තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වුණා.

ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වූ ෂර්මා හා ගිල් පළමු කඩුල්ලට සාර්ථක සබඳතාවක් ගොඩ නගන්නට සමත් වුණා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුනු සබඳතාව ලකුණු 80ක්. ලකුණු 19ක් රැස් කොට සිටි ශුබ්මන් ගිල්ගේ කඩුල්ල දවාගැනීමට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හැකිවුණා. ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු දහයක් එක්වන තැන යළිත් ක්‍රියාත්මක වන දුනිත් වෙල්ලාලගේ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ ඉනිම ලකුණු තුනකට සීමා කරන්නට සමත්වුණා. අද දිනයේ දී එක්දින ලකුණු දස දහසේ සීමාව පසුකළ පසු කළ ඉන්දීය නායකයා ලකුණු 53 කදී දවා ගැනීමට නැවතත් ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ ට හැකි වුණා.

අනතුරුව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් ගොඩනගන්නට රාහුල් හා ඉෂාන් කිෂාන් සමත් වුණා. රාහුල්ගේ ඉනීම ලකුණු 39කදී නවතා දමන්නට වෙල්ලාලගේ සමත් වද්දී අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ චරිත් අසලංක ඉෂාන් කිෂාන් ඇතුලු සෙසු පිතිකරුවන් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වුණා. පන්දුවාර 49 එක් පන්දුවක් අවසානයේදී ඉන්දීය පිලේ සියලු ක්‍රීඩකයන් ලකුණු 213කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව පිට පිට තරග 14කදී ප්‍රතිවාදීන් සියලු දෙනා දවාගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වන්නට ශ්‍රී ලංකාවට හැකිවුණා. සිය එක්දින දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 10 තුළ ලකුණු 40කට කඩුලු 5ක් දවාගනිද්දී චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 4ක් දවාගත්තා.

ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3ට ලකුණු 25 ක් තුළදී බිඳ වැටුණා. අනතුරුව සදීර සහ චරිත් එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුව ද සදීර ලකුණු 17කදී හා චරිත් ලකුණු 22කදී දැවී ගියා. නායක දසුන් ශානකගේ ඉනීම ද ලකුණු 9කට සීමා වද්දී හත්වන කඩුල්ලට පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ ලකුනු 63ක සාර්ථක සසබඳතාවක් ගොඩනගන්නට සමත් වුණා. දනංජය සිල්වා ලකුණු 41 කට අවාසනාවන්ත ලෙසින් දැවී යද්දී තරගයේ ඉන්දීය පිල දෙසට දෝලනය වුණා. ඒ අනුව ශ්‍රී ලංකා පිලට සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු එකසිය හැත්තෑ දෙකක් පමණයි. නොදැවුණු ඉනිමක් ක්‍රීඩාකළ දුන්නෙත් වෙල්ලාලගේ හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 42ක් රැස්කළා. ඒ අනුව මෙම තරඟය ලකුණු 41 කින් ජය ගත් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top