[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ playoff වටයේ Eliminator තරගය තිසර පෙරේරා නායකත්වය දරන බංගලා ටයිගර්ස් කණ්ඩායම ෂේන් වොට්සන් නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් අතර ඊයේ පැවැත්විණ. එනම් මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම Qualifier 01 තරගයෙන් පරාජයට පත් වූ ක්වලන්ඩ්රස් කණ්ඩායම සමග තරග කොට අවසාන මහා තරගයේදී මරතා අරාබියන්ස් කණ්ඩායම සමග තරග කිරීමට නියමිතය.
ඒ අනුව දෙපිලටම ජයග්‍රහණය අත්‍යවශ්‍ය මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ෂේන් වොට්සන් ප්‍රථමෙයන් පන්දු යැවීමට තීරණය කලේ ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 120 සිමාව පසුකර යාමට නොදී සිටීමේ බලාපොරොත්තුව මතය.
ඒ අනුව මෙම තීරණාත්මක තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් තිසර පෙරේරා ප්රමුඛ බංග්ලා ටයිගර්ස් පිල නියමිත පන්දුවාර 10 අවසානයේ රැස් කලේ කඩුලු තුනක් දැවී ලකුණු 107ක් පමණි. කඩුලු නිරන්තරයෙන් බිද නොවටුනත් තමන් බලාපොරත්තු වූ ලකුණු ප්‍රමාණය රැස් කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් ඉඩ ලබා දුන්නේ නැත.
තරගාවලිය පුරා පිත්තෙන් අතී සාර්ථක වූ ඇන්ඩ්රු ෆ්ලෙචර් අවශ්‍යම තරගයේ ලකුණු 7ක් පමණක් රැස් කර දැවී අතර එය බංගලා ටයිගර්ස් කණ්ඩායමට ආරම්භයේම දැඩි පීඩනයකට ලක් වීමට හේතුවක් විය.
කෙසේ වුවත් කණ්ඩායමේ අනෙක් සාර්ථකම පිතිකරුවා වූ රිලී රූසෝ පන්දු 29කදී ලකුණු 55ක් රැස් කරමින් කණ්ඩායම ඉහල ලකුණු ප්‍රමාණයකට ගෙන ඒමට යම් උත්සහයක් දැරුවේය.අනෙක් පිතිකරුවෙන්ගෙන් අවශ්‍ය වූ දායකත්වය නොලැබීම නිසාත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලේ දක්ෂ පන්දු යැවීම සහ රැකීම නිසා ඔවුන්ගේ ඉනිම ලකුණු 107ක සීමා විය.
ශේල්ඩන් කොට්‍රෙල් ලකුණු 15ක් පමණක් ලබා දී කඩුලු දෙකක් දවාගත්තේය. ලකුණු 108ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල පන්දු 5ක් ඉත්රිව තිබියදී පහසුවෙන්ම ඉලක්කය සම්පුර්ණ කිරීමට සමත් විය.පිතිකරණ ලැයිස්තුවේ මුල්පෙළ පිතිකරුවන් සියල්ලන්ම පාහේ මෙම තීරණාත්මක තරගයේ ජයග්‍රහණයට අවශ්‍ය දායකත්වය ලබා දුන්නේය. කිරාන් පොලාඩ් වේගවත් ලකුණු 33ක්ද මොහමඩ් ෂේසාඩ් ලකුණු 28ක්ද රැස් කර ජයග්‍රහණයට තමන්ගේ දායකත්වය ලබා දුන්නේය.
මේ අනුව බංගලා ටයිගර්ස් පිල තරගාවලියෙන් ඉවතට ගිය අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් ලැබීමේ ( qualifier 2 ) තරගයට සුදුසුකම් ලැබීය.[/vc_column_text][/vc_column][/vc_row]