තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම තරඟාවලියේ පළමු ජය වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන දිනය වූ අද තරඟාවලියේ 8වන තරඟය වූ බංග්ලා ටයිගර්ස් සහ කර්නාටක ටස්කර්ස් අතර තරඟයෙන්විශිෂ්ට ජයක් වාර්තා කිරිමට තිසර පෙරේරා ප්‍රමුඛ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කර්නාටක ටස්කර්ස් කණ්ඩායමට ආරධනා කලද ආරම්භයේ සිටම කර්නාටකටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූ ජොන්සන් චාල්ස් සහ හශීම් අම්ලා දැඩි අභියෝගයක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එල්ලකිරිමට හැකි විය.

තරඟාවලියේ වාර්තා වූ සාර්ථකම ආරම්භක පිතිකරණ සම්බන්ධතාවයට හිමිකම් කියමින් මෙම දෙපල පන්දු 50කදී ලකුණු 97ක් රැස්කිරීමට සමත් විය.

පන්දුවාර 10 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 118ක දැවන්ත ඉල්ලකයක් ලබා දීමට හශීම් අම්ලා සහ ජොන්සන් චාල්ස්ටහැකි විය.

නායක හශීම් අම්ලා පන්දු 29කදී ලකුණු 47ක්ද ජොන්සම් චාල්ස් පන්දු 29කදී ලකුණු 57ක්ද රැස් කරමින් ඉනිමට අවශ්‍ය ජවය ලබා දීමටසමත් විය.

ඉනිමේ එකම කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාවේ යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක කෙවින් කොත්තිගොඩ සමත් විය.

ලකුණු 118ක දැවන්ත ඉලක්කය හඹා යෑමට පිවිසි බංග්ලා ටයිගර්ස් පිල එම දැවැන්ත ඉලක්කෞඅ තුට්ටුවකටත් මායම් නොකරමින්ආරම්භයේ සිටම ප්‍රතිවාදී පන්දු යවන්නන් ව දැඩි ප්‍රහාරයකය නතු කලේය.

කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩෘ ෆ්ලෙචර් පන්දු 15කදී ලකුණු 40ක් රැස් කලේ දැවැන්ත හයේ පහරවක් 5ක් සමගිනි. ඔහුට කදිමසහයක් ලබා දුන් වමත් පිතිකරු විලී රූසෝ පන්දු දහයකදී ලකුණු 22ක් රැස් කලේය.

ආරම්භක පිතිකරුවන්ගේ සාර්ථක ආරම්භයට සාධාරණයක් ඉටු කල මැද පෙල කඩුලු රකින ක්‍රීඩක ටුම් මුවර්ස් පන්දු 9 කදී අධි වේගවත්ලකුණු 27ක් රැස් කරමින් බංග්ලා ටයිගර්ස් පිලේ තරඟාවලියේ පළමු ජය තහවුරු කිරීමට සමත් විය.

තුන් ඉරියව් ක්‍රීඩක නායක තිසර පෙරේරා ට මෙම තරඟාවලියේ සාර්ථක වීමට ඉඩ නොලැබුනු අතර මෙම තරඟයේද ලකුණු 3ක් පමණක්රැස් කර දැවී ගියේය.

පන්දු යැවීමෙදී නේපාල ක්‍රීඩක සංදීප් ලැමචිනේ කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

තරඟයේ වීරයා සම්මානය ඇන්ඩෘ ෆිචෙල් දිනාගත්තේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top