තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම දෙවන ජයග්‍රහණය වාර්තා කරයි!

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ තීරණාත්මක අවසාන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංගලා ටයිගර්ස් කණ්ඩායමසහ ඉයන් මෝගන් නායකත්වය දරන දිල්ලි බුල්ස් අතර පැවති අතර ඉතා උණුසුම් තියුණු තරඟයක් වූ මෙම තරඟය ජය පරාජයෙන් තොරවඅවසන් වී ප්‍රසාද ලකුණු සම සමව බෙදා ගැනීමට සිදු විය.

කාසියේ වාසිය දිනාගත් තිසර පෙරේරා ප්‍රමුඛ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුලදී කඩුලු අටක් දැවී ලකුණු 108ක් රැස් කලේප්‍රතිවාදී කණ්ඩායමට අභියෝගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් එක් කරමිනි.

පෙර දින පැවති තරඟයේ සාර්ථක වූ ඇන්ඩෘ ෆ්ලෙචර් ලකුණු 3කට දැවී ගිය අතර විලී රූසෝ ලකුණු 20ක් රැස කලේය. නායක තිසරපෙරේරා නැවතත් අසාර්ථක වුඉ අතර ඔහු රැස් කලේ ලකුණු 6ක් පමණි.

අවසාන භාගයේ සාර්ථක ඉනිමක් දියත් කල ඩේවිඩ් වීස් වේගවත් ලකුණු 20ක් රැස් කරමින් ඉනිමේ මුලු ලකුණු ප්‍රමාණය ලකුණු සීයඉක්මවා යෑමට සමත් විය.

කඩුලු රකින ක්‍රීඩක ටුම් මූස් ලකුණු 22ක් රැස් කලේය.

මොහමඩ් නබි සහ රවී රාම්පෝල් කඩුලු දෙක බැගින් දවාගත් අතර දුශ්මන්ත චමීර එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 109ක ඉලක්කය හඹා යෑමට පිවිසි දිල්ලු බුල්ස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ඉතා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් හඹා යෑමපහසු කලද කුසල් ජනිත් ගේ දවා යෑමත් සමඟ තරඟයේ ආධිපත්‍යය ක්‍රමයෙන් ගිලිහී යන්නට විය.

කුසල් පෙරේරා පන්දු 18කදී අගනා ලකුණු 43ක් රැස් කලේය.

පරිණත පිතිකරුවන් වූ ඉයන් මෝගන් සහ ඇන්ජලෝ මැතිව්ස් හට ඉතා හොඳින් පන්දු යැවූ කෙවින් කොත්තිගොඩ, තිසර පෙරේරා ඇතුලුබංග්ලා ටයිගර්ස් පන්දු යවන්නන් අවසාන පන්දුව තෙක් තරඟය තමන් වෙනුවෙන් නතු කරගැනීමට වග බලා ගත්තේය.

අවසාන පන්දුවාරයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17ක් රැස් කරගෙන සිටියදී දැවී ගිය අතර ඉයන් මෝගන් හට අවසාන පන්දුවට රැස්කරගත යුතුව තිබූ ලකුණු 3 ලබා ගැනීමට අපොහොසත් විය.

ලකුණු සම වූ තරඟයේ තරඟයේ වීරයා සම්මානය දිල්ලි බුල්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරාට හිමි විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top