කරච්චිහිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්රී ලංකා 19න් පහළ පිල කඩුලු 6කින් පරදවා තරග පහකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන යොවුන් පිල සමත්විය.
කාසියේ වාසිය දිනූ සංචාරක ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 289ක් ලබා ගැනීමට සමත් විය. විශිෂ්ට ශතකයක් වාර්තා කළ රුසඳ ගමගේ පන්දු 127කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 110ක් රැස්කිරීමට විය. කඩුලු රකින ක්රීඩක ශාරුජන් ෂන්මුගනාදන් පන්දු 75කදී ලකුණු 61ක් රැස් කළේය.
පාකිස්තාන දකුණත් වේගපන්දු යවන්නන් තිදෙනා පන්දුවෙන් දස්කම් පාපාන්නට සසමත් විය. එහිදී අෆ්තාබ් අහමඩ් කඩුලු 3ක් ද උබයිඩ් ෂා සහ මොහොමඩ් ඉබ්තිසාම් යන දෙදෙනාම කඩුලු 2ක් දවා ගත්හ. ලකුණු 290ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසෙන පාකිස්තාන ආරම්භක පිතිකරු ෂමිල් තරගය සම්පූර්ණයෙන්ම පාකිස්ථානය දෙසට හැරවිය.ඔහු පන්දු 109කදී ලකුණු 150ක් රැස්කළ අතර ඔහුගේ ඉනීමට හතරේ පහර 13ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය. ඔහුට සහය වූයේ රියාසුල්ලා ඛාන් හතරේ පහර 2ක් ඇතුළුව පන්දු 62දී ලකුණු 48ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී සිනෙත් ජයවර්ධන හා රුවිෂාන් පෙරේරා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.
Sri Lanka U19 289-9, 50 overs (Rusanda Gamage 110, Sharujan Shanmuganathan 61; Aftab Ahmed 3-31, Mohammad Ibtisam 2-60, Ubaid Shah 2-65)
Pakistan U19 293-4, 45.5 overs (Shamyl Hussain 150, Riazullah Khan 48; Sineth Jayawardene 2-35, Ruvishan Perera 2-44)
Player of the match – Shamyl Hussain (Pakistan U19)