ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ පරාජයට තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය වගකීම භාර ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ඊට පිළිතුරු වශයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා තේරීම් කමිටු සාමාජිකයන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකොට ඇත.
එහි සදහන් කොට ඇත්තේ එලෙසින් තේරීම් කමිටුවට චෝදනා කිරීම හෝ විවේචනය කිරීමට නෛතික හා වෘත්තියමය ක්‍රමවේදයක් පවතිද්දී මේ ආකාරයට මාධ්‍ය හමුවේ චෝදනා එල්ල කිරීම කණගාටුවට හේතුවන බවයි. පරාජයන් ලද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණය කරා රැගෙන යාමට තේරීම් කමිටුව කළ කාර්යභාරය පිළිබඳව ද එම ලිපියේ සදහන් කොට ඇත.
ලිපියේ අන්තර්ගතය