දකුණු අප්‍රිකානු ක්‍රිකට් සුදු ජාතිකයන්ගෙන් තවත් දුරස් වන ලකුණු ?

2030 වසර වන විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතරට සුදු ජාතික ක්‍රීඩකයන් සිව්දෙනෙකු පමණක් ඇතුළත් වනු ඇති බව එරට වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.

දකුණු අප්‍රිකානු කණ්ඩායම තුළ වර්තමානය වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 අතුරින් 52%ක් සාමාන්‍ය කලු ජාතික ක්‍රීඩකයන් විය යුතු අතර ඉන් 24%ක් පමණ අප්‍රිකානු කලු ජාතිකයන් විය යුතුය.

කෙසේ නමුත් මෙම වසරේදී කලු ජාතිකයන් 40.3%ක් පමණ මෙම වසරේදී ක්‍රීඩා කළ අතර, ඉන් 20.5%ක් අප්‍රිකානු කලු ජාතිකයන් විය. 2023 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සුදු ක්‍රීඩකයින් හත් දෙනෙකු සහ සාමාන්‍ය කළු ක්‍රීඩකයින් හතර දෙනෙකු සිටි අතර ඉන් දෙදෙනෙක් අප්‍රිකානු කලු ජාතිකයන් වූහ.

2030 වසර වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම තුළ කලු ජාතික ක්‍රීඩකයන් 60%ක් පමණ ඇතුළත් වනු ඇති බවත් ඊට අප්‍රිකානු කලු ජාතිකයන් 36%ක් පමණ ඇතුළත් වනු ඇති බවත් SACricketMag වෙබ් අඩවිය වාර්තා කොට ඇත. එයින් අදහස් වන්නේ අවසන් කණ්ඩායම තුළ සාමාන්‍ය කළු ක්‍රීඩකයින් හත් දෙනෙකු (කළු අප්‍රිකානු හතර දෙනෙකු ඇතුළුව) සහ සුදු ක්‍රීඩකයින් හතර දෙනෙකු ඇතුළත් වනු ඇති බවයි. දැනට ජ්‍යෙෂ්ඨ පළාත් මට්ටමින්, සෑම කණ්ඩායමකට කළු අප්‍රිකානුවන් තිදෙනෙකු ඇතුළුව සාමාන්‍ය කළු ක්‍රීඩකයින් හය දෙනෙකු සිටිය යුතුය.

Back To Top