දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට සාර්ථක ආරම්භයක්.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ පර්ත්හිදී.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාන එංගලන්තයට ලබා දුන්නා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 123 ක් රැස් කළා. නැටලි ෂිවර් ලකුණු 50 යි. එමී ජෝන්ස් ලකුණු 23 ක් සහ ෆ්‍රෑන් විල්සන් ලකුණු 14 ක් රැස් කළා. එංගලන්ත කණ්ඩායමේ සෙසු කිසිදු ක්‍රීඩිකාවන් ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. පන්දු යැවීමේදී ඇයබොන්ගා කාකා කඩුලු 3 ක් බිද හෙලුවා. මැරිසන් කෙප් සහ ඩේන් වෑන් නිකර්ක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ පන්දු වාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 127 ක් රැස් කරමින්. නායිකා ඩේන් වෑන් නිකර්ක් පන්දු 51 කදී ලකුණු 46 ක්රැස් කළා. මැරිසන් කෙප් ලකුණු 38 යි. තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ කඩුලු 6 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top