[vc_row][vc_column][vc_column_text]එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර සිව්වැනි ෙටස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 400 ක් රැස් කළා. සැක් ක්‍රොව්ලි ලකුණු 66 ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 59 යි. පන්දු යැවීමේදී ඇන්රිච් නොට්ජේ ලකුණු 110 කට කඩුලු 5ක් බිද හෙලුවා. අනතුරුව දකුණු අප්‍රිකාව පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 183 ක් රැස් කළා. ක්වින්ටන් ඩි කොක් ලකුණු 76 යි.මාක් වුඩ් ලකුණු 46 කට කඩුලු 5 ක් බිද හෙලුවා.
දෙවැනි ඉනිම සදහා එංගලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 248 ක්. ඒ අනුව තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවට ලකුණු 466 ක ඉලක්කයක් හිමිවුණා. නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 274 ක් පමණයි. දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රාසි පැන්ඩර් ඩසන් 6 පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 98 ක් රැස් කළා.
පන්දු යැවීමේදී මාක් වුඩ් ලකුණු 54 කට කඩුලු 4 ක් බිද හෙලුවා. තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 191 කින්. ඒ අනුව ඔවුන් තරගාවලිය තරග 3 ට 1 ක් ලෙස ජය ගත්තා.
මෙය ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට ප්‍රසාද ලකුණු 30 ක් හිමවීමද විශේෂත්වයක්.[/vc_column_text][/vc_column][/vc_row]