[vc_row][vc_column][vc_column_text]
එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිත අතර දකුණු අප්රිකාව ක්රීඩා කරන පළමු තරගය ශ්රී ලංකාවට එරෙහිව ඔක්තෝබර් මස 7 වනදා පැවැත්වෙයි. තරගාවලිය හා දකුණු අප්රිකානු කණ්ඩායම සම්බන්ධයෙන් හිටපු සුපිරි පිතිකරු හෂීම් අම්ලා අදහස් දක්වයි.
ප්රශ්නය – දකුණු අප්රිකාව ද්විපාර්ශික තරගාවලි වල සාර්ථක වුනාට ලෝක කුසලාන තරගාවලියේ දී අසාර්ථක වෙනවා මේක පිටුපස තියෙන හේතුව මොකක්ද.
අම්ලා – ඒකට ප්රධාන හේතුව තමයි හැමවෙලේම වෙනස් කණ්ඩායමක් ක්රීඩා කිරීම. ඒක තමයි අපිට තියෙන ලොකුම අපිට තියෙන ලොකුම අභියෝගය. ද්වීපාර්ශික තරඟාවලියක් ගත්තහම තරඟාවලියේ දී ප්රතිවාදීන් පිළිබඳව හොඳින් අවබෝධයකින් තමයි ක්රීඩා කරන්නේ. නමුත් ලෝක කුසලාන කදී ඔබ ඒ දවසේ ඔබේ හොඳම ක්රීඩාව ප්රදර්ශනය කරේ නැත්තං ඔබ පරාජයට පත් වෙනවා. සමහර අවස්ථාවලදී ඔබ හොඳින්ම උත්සහ කරත් ඔබ පරාජයට පත් වෙන්න පුළුවන්. ඒක තමයි ලෝක කුසලානයක තියෙන ප්රධානම වෙනස.
ප්රශ්නය – 2011, 2015 වගේම 2019 ලෝක කුසලාන කණ්ඩායමේ ඔබ ප්රධාන ක්රීඩකයෙක්. පීඩනය හසුරවන්න ඔබ ඉගෙන ගත්ත පාඩම් මොනවද ?
අම්ලා – ඇත්තටම ඒක ඉතාම අමාරු දෙයක්. 2019 ලෝක කුසලාන තරගාවලියට අපි හොඳ ආරම්භයක් ගත්තේ නෑ . ලොකු කුසලානය දින්න එංගලන්තයට අපි පරාජයට පත්වුණා. ඒ වගේම බංග්ලාදේශය හමුවේ හමුවේ ලද පරාජය දැවැන්ත පහරක් උනා. එහෙම පටන් ගත්තත් පස්සේ ආපහු ගොඩ එන්න අමාරුයි. ධනාත්මක ආකල්ප කොට නගා ගැනීම කණ්ඩායමේ පුහුණුකරුවන්, කාර්යමණ්ඩලය ඇතුළු බොහෝ දේ මත රඳා පවතිනවා. ඒ වගේම වගේම වඩා වැදගත්ම දෙය තමයි ජේෂ්ඨ ක්රීඩකයන් එයට අනුකූල වීම. ඔවුන් හොඳ මොරාල් එකක හිටියොත් ජයග්රහණය කරන ලේසියි.
ප්රශ්නය – 2011 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුනේ ආසියානු කලාපයේ. ඔබලා විශේෂඥ දගපන්දු යවන්න තුන්දෙනෙකු අරන් ගියා. ඒ වගේමයි අවසන් ක්රීඩකයින් 11 ඩුමිනි හිටියා. නමුත් මේ පාර ඔවුන් වැඩි බරක් දීල තියෙන්නෙ වේගපන්දු යවන්නන්ට. ඔවුන් හරියට තේරීම් කළා කියලා ඔබ හිතනවද.
අම්ලා – ඔවුන් මේ පාර තෝරලා තියෙනවා දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්. මහරාජ්, ෂම්සි වගේම මක්රමුත් ඉන්නවා. මට අනුව නම් makram කියන්නේ අතිරේක දගපන්දු යවන්නෙක් නෙවේ. මේ පාර ලෝක කුසලාන තරගාවලියේ තණතීරු වල හොඳ Out Field එකක් තියෙයි. ඒ වගේම කාලගුණය එක්ක රිවර් ස්වින්ග් එකත් ලොකු කාර්යභාරයක් කරයි. ඒ හින්දා මට හිතෙනවා වේගපන්දු බල ඇණියට මේ පාර වාසිදායක වෙයි කියලා.[/vc_column_text][/vc_column][/vc_row]