දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තයට කඩුලු 7 ක පරාජයක්.

[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත එංගලන්ත – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ කේප් ටවුන්හි නිව් ලෑන්ඩ් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් රැස් කළා. ජෝ ඩැන්ලි ලකුණු 87ක් රැස් කළේ 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් සමග. ක්‍රිස් වෝක්ස් ලකුණු 40 ක් රැස් කළ අතර ජේසන් රෝයි ලකුණු 32 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ටැබ්‍රේස් ෂම්සි ලකුණු 38 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 259 ක ජයග්‍රාහී සීමාව පසු ක‌ෙල් පන්දු වාර 47 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී තිබියදීයි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ක්වින්ටන් ඩි කොක් ලකුණු 107 ක් රැස් කළා. පන්දු 113 කදී ගොඩ නැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 11 ක් සහ 6 පහරක් ඇතුලත්. ටෙම්බා බවුමා ලකුණු 98 ක් රැස් කළා. තරගයේ වීරයා ක්වින්ටන් ඩි කොක්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top